Divaina - ලයිට් බිලට අලූත් විසඳුමක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

අරුණ බෝගහවත්ත
 
bills කොවිඞ් 19 වෛරසය පැතිරයෑම පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැවති මාර්තු, අප‍්‍රියෙල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ (පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම් එම බිල්පතේ සඳහන් ගණන*
 
 ගෙවීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කළ බව විදුලිබල, බලශක්ති සහ ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ස`දහන් කළේය.
 
 ඊයේ (15දා* පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී මෙම තීරණය ගත් බවත් ඒ අනුව එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ලැබෙන අතර එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
 
 අදාළ මාස 3ට ලබාදුන් බිල්පත් අනුව යම් කෙනෙක් බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් යළි ලබා ගැනීමට හෝ ඉදිරි බිල්පත්වලින් එම මුදල් පූරණය කිරීමට හෝ පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය.
 
 පසුගිය මාර්තු, අප‍්‍රියෙල් සහ මැයි මාසවල විදුලි බිල්පත් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ විදුලි පාරිභෝගිකයින්ගෙන් එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරයා විසින් කැබිනට් පත‍්‍රිකාවක් මින් පෙර ඉදිරිපත් කළ අතර ලබාදීමට යෝජිත සහන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ එම කමිටු වාර්තාව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී මෙම සහනය ලබා දීමට තීරණය කළ බව ඇමැතිවරයා කීවේය.
 
 මහජනතාවට මෙම සහන ලබාදීම සඳහා රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් දසලක්ෂ 3000 ක් ලබාදීමටද එකඟත්වය පළ කරන ලදැයි අමාත්‍යවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය මගින් මින් පෙර කිසිදු අවස්ථාවක මෙවැනි දැවැන්ත සහනයක් විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදී නැතැයිද ඇමතිවරයා සඳහන් කළේය. තවද කොවිඞ්-19 හේතුවෙන් විදුලි මනු කියවීම විධිමත් පරිදි සිදුනොවීම සඳහා බිල්පත්වල වැරදි මිල ගණන් සඳහන් වීම සම්බන්ධයෙනුත් සොයා බැලීමක් සිදු කිරීමට නියමිත අතර මැයි මාසයේ සිට නැවතත් විදුලි මනු කියවීම ආරම්භ කර ඇත.
 
 ඒ අනුව ඉහත සඳහන් කළ මාස 03ට ලබාදුන් බිල්පත් අනුව යම් කෙනෙක් බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත්වලින් එම මුදල් පූරණය කිරීමටද පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය. හෙතෙම මෙම තොරතුරු අනාවරණය කළේ ඊයේ(15දා* ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles