ශ්‍යාම් නුවන් ගනේවත්ත
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් තිදෙනකු පත්කර තිබේ. මේ අනුව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා, ආචාර්ය රානි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත්ව තිබේ.
මුදල් නීති පනතේ 8(2*:ජ* වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් ව්‍යවස්ථා සභාවේ ද අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට මේ නව සාමාජිකයන් තිදෙනා පත්කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් 2020 පෙබරවාරි 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද, 2020 ජුනි 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය රානි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා ද පත්කර ඇත.