දිනසේන රතුගමගේ
ඉන්දීය ධීවරයින් විශාල පිරිසක් මේ දිනවල උතුරු මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල නිරතවීම නිසා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට කොරෝනා වසංගතය පිළිබ`දව තවත් විශාල අවදානමක් ඇතිව තිබේ.
උතුරේ ධීවරයින් හා ධීවර අමාත්‍යවරයාද අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණෙන ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දීම් හා ඉල්ලීම් කරන නිසා නාවික හමුදාවේ මේ කොරෝනා තර්ජනය වැඩි වී තිබේ.
දකුණු ඉන්දීය මුහුදු කලාපයේ මසුන් බෝවීමේ කාලය නිසා අපේ‍්‍රල් මස 15 වැනිදා සිට යළි දැනුම් දෙනතුරු එම කලාපයේ මසුන් මැරීම ඉන්දීය ධීවරයින්ට තහනම් කොට තිබීම හේතුවෙන් ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රා 700ක් පමණ මේ දිනවල උතුරු මුහුදට පැමිණීමට පටන් ගෙන තිබේ.
නාවික හමුදාව මේ අනවසර ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇතත් ඉන්දියාවේ මේ දිනවල කොරෝනා රෝගීන් බහුල නිසා නාවික හමුදා නිලධාරීන්ට කොරෝනා රෝගය බෝවීම සම්බන්ධයෙන් දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව තිබේ.
මේ අතරවාරයේ ඉන්දියාවේ සිට දෙමළ සරණාගතයින් ආපසු බෝට්ටු මගින් උතුරට පැමිණීමට පටන් ගෙන ඇති අතර බෝට්ටුකරුවන් ඉන්දීය ජාතිකයින් වීමත්, පැමිණෙන පිරිස ඉන්දියාවේ සිට පැමිණීමත් නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා නාවික හමුදා නිලධාරීන්ට කොරෝනා තර්ජනයකට මුහුණ පෑමට සිදුව තිබේ.