Divaina - ගෝඨාභය රාජපක්‍ෂ සමග සමීපව ඇසුර කළ නිසා ඇප ගන්න බැරි නඩුවක් දමා රිමාන්ඞ් කළා....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

රක්නා ලංකා හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු

 

පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම.....
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 rimandsවත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස සිටියදී තමා ඔහුට සමීපව රාජකාරී කටයුතු කළ නිලධාරියෙක් වූ නිසා තමාගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගත නොහැකි චෝදනා ඉදිරිපත් කර තමාව රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බව රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා (14 දා* පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.
 
 එම් වී ඇවන්ගාඞ් නෞකාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ තමා රක්නා ලංකා ආරක්‍ෂක සමාගමට කිසිදු සම්බන්ධයක් නොතිබූ බවද ඒ නිසා තමාව එම සිද්ධියට සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමට හේතුවක් තමාට සිතා ගැනීමට පවා නොහැකි බවද සාක්‍ෂිකරු කොමිසමට කීවේය.
 
 මෙම කොමිසම එහි සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයන් වන විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයරත්න සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් (14 දා* උදේ 10.30 ට පමණ රැුස්විය.
 
 නීතිඥ තරිඳු මධුශංක මහතාගේ මෙහෙයවීම යටතේ පාලිත ප‍්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දුන්නේය.
 
 නීතිඥ- ඔබගේ නම කුමක්ද?
 
 සාක්‍ෂිකරු- වඩුගේ පාලිත පියසිරි ප‍්‍රනාන්දු
 
 නීතිඥ- ඔබ යුද හමුදාවේ මේජර් ජෙනරාල් නිලයෙන් විශ‍්‍රාම ගිය කෙනෙක්?
 
 සාක්‍ෂිකරු- ඔව්. 1971 අපේ‍්‍රල් 25 දින කෙඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳුණා.
 
 නීතිඥ- ඔබ යුද කි‍්‍රයාන්විතයට දැනුමෙන් සහ කි‍්‍රයාකාරීත්වයෙන් දායකත්වය සපයන්න ඇති නේද?
 
 සාක්‍ෂිකරු- එහෙමයි. මම යුද හමුදාවේ කි‍්‍රයාන්විතයන් රැුසකට සහභාගි වුණා. මම ජෙනරාල් කොබ්බෑකඩුව මහතා යටතේද සේවය කර තිබෙනවා.
 
 නීතිඥ- ඔබ රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ සභාපති ලෙස කි‍්‍රයා කළාද?
 
 සාක්‍ෂිකරු- ඔව්.
 
 නීතිඥ- කවදා ද ඉන් ඉල්ලා අස්වුණේ?
 
 සාක්‍ෂිකරු- 2015 ජනවාරි 29 දින
 
 සාමාජික චන්ද්‍රා ප‍්‍රනාන්දු- ඔබ එහි සභාපති වුණේ මොන වර්ෂයේද?
 
 සාක්‍ෂිකරු- 2007 වර්ෂයේ
 
 නීතිඥ- ඔබට දේශපාලන
 
 පළිගැනීමක් වුණා කියලා මේ කොමිසමට පැමිණිලි කර තිබෙනවා නේද?
 
 සාක්‍ෂිකරු- ඔව්.
 
 නීතිඥ- ඔබව අපරාධ නඩුවක සැකකරුවකු ලෙස නම් කරල චෝදනා ඉදිරිපත් කරල තිබුණා නේද?
 
 සාක්‍ෂිකරු- එහෙමයි
 
 නීතිඥ- එම් වී ඇවන්ගාඞ් නෞකාව අත්අඩංගුවට ගත්තේ 2015 ඔක්තෝබර් 6 දින නේද?
 
 සාක්‍ෂිකරු- ඔව්.
 
 නීතිඥ- ඔබ එම සිදුවීම වන විට රක්නා ලංකා ආරක්‍ෂක සමාගම සමග සම්බන්ධයක් තිබුණාද?
 
 සාක්‍ෂිකරු- ඒ අවස්ථාවේ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැහැ.
 
 නීතිඥ- ඔබ මේ ගැන මවිතයට පත්වුණේ නැද්ද?
 
 සාක්‍ෂිකරු- 2015 ජනවාරි 29 දිනෙන් පසු මා එම ආයතනයට සම්බන්ධ වෙලා සිටියේ නැහැ. මෙය 2015 දී සිදුවූ සිදුවීමක්. මගෙන් මේ ගැන ප‍්‍රශ්න කළේ 2019 වර්ෂයේදී. මට සාක්‍ෂි සටහන් කර ගන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එන්න කිව්වා. මම මේ ගැන මවිතයට පත්වුණා. මගෙන් ප‍්‍රකාශ ගත් නිලධාරීන්ට මම මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව සඳහන් කරමින් ප‍්‍රකාශ ලබා දුන්නා.
 
 කොමිසමේ සාමාජික චන්ද්‍රා ජයරත්න මහතා- ඔබ වර්ෂ 1971 දී යුද හමුදාවට බැඳුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟද?
 
 සාක්‍ෂිකරු- ඔව්. එසේ මම වසර ගණනක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ එතුමාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කළා.
 
 නීතිඥ- මේ ඇවන්ගාඞ් නෞකාව සම්බන්ධ නඩුව ඒ දවස්වල ආන්දෝලනාත්මක නඩුවක්. ඒ දිනවල දේශපාලනඥයන් මාධ්‍ය ඉදිරියට ඇවිත් මේ ගැන විවිධ ප‍්‍රකාශ සිදුකරා නේද?
 
 සාක්‍ෂිකරු- එහෙමයි.
 
 නීතිඥ- මේ සම්බන්ධ පුවත්පත් වාර්තා සහ වීඩියෝ දර්ශන ඉදිරි දිනක මේ කොමිසමට ඉදිරිපත් කරන්න පුළුවන්ද?
 
 සාක්‍ෂිකරු- ඒවා සොයා බලා ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා ස්වාමිනී.
 
 නීතිඥ- මේ ගැන ඔබගේ නීතිඥයන් නීතිපති දෙපාර්තමේන්තුවේ ලේඛන ලබා ගැනීමක් කළාද?
 
 සාක්‍ෂිකරු- ඔව්. 2019.07.10 දිනැති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය සහිත ලිපියක් සහ නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයා අමතා යවන ලද ලිපියක් ලබා ගත්තා.
 
 එම ලිපි සාක්‍ෂිකරුගේ නීතිඥයා විසින් කොමිසමට ඉදිරිපත් කර කොමිසමේ ලේඛන වශයෙන් සලකුණු කරන ලදී.
 
 නීතිඥ- එම ලිපි මගින් තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අතර මත ගැටුමක් තිබුණ බව පේන්න තිබෙනවා නේද?
 
 සාක්‍ෂිකරු- එසේ පේන්න තිබෙනවා ස්වාමිනී.
 
 නීතිඥ- එහි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔබලාට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ කියල පොලිස්පති මගින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා නේද?
 
 සාක්‍ෂිකරු- එහෙමයි.
 
 නීතිඥ- අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතා අදාළ සැකකරුවන්ට විමර්ශනයේදී කරුණු අනාවරණය වෙන්නේ නැහැ කියල සඳහන් කරල තියෙනවා නේද?
 
 සාක්‍ෂිකරු- ඔව්.
 
 නීතිඥ- මේ කියන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න සාක්‍ෂි නැහැ කියන එකයි?
 
 සාක්‍ෂිකරු- එහෙමයි.
 
 නීතිඥ- එම ලිපිය මගින් නාගහමුල්ල මහතා නීතිපතිතුමාගෙන් විශ්ලේෂණාත්මක මතයක් ඉල්ලනවා නේද?
 
 සාක්‍ෂිකරු- එහෙමයි.
 
 නීතිඥ- ඊට නීතිපතිතුමාගේ ප‍්‍රතිචාරය ගැන ලේඛනයක් ඔබ ලබා ගත්තාද?
 
 සාක්‍ෂිකරු- ඔව්.
 
 නීතිඥ- ඒ අනුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතු 2019.07.17 දිනැතිව වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය කොමිසමට ඉදිරිපත් කිරීමට අවසර පතනවා.
 
 එම ලිපිය කොමිසම වෙත ඉදිරිපත් කර කොමිසමේ ලේඛනයක් ලෙස සලකුණු කරන ලදී.
 
 කොමිසමේ සාමාජික- එම ලිපිය මගින් බෝලෙ පාස් කරලද?
 
 නීතිඥ- ඔව්.
 
 සභාපති- එමගින් කියා තියෙන්නේ අත්අඩංගුවට ගත්තොත් එහි වගකීම තමන් දරන්න ඕන කියලද?
 
 සාක්‍ෂිකරු- එහෙමයි.
 
 නීතිඥ- නීතිපති කියන්නේ විමර්ශන නිලධාරීන් ස්වාධීනව කටයුතු කරන්න කියල?
 
 සාක්‍ෂිකරු- එහෙමයි.
 
 සභාපති- එහෙම බලන විට ලංකාවට නීතිපතිවරයෙක් අවශ්‍ය නෑ. රජයේ අධිනීතිඥවරයා ලියන ලද ලිපියේ මේ ෙඡ්දය ලියල තියාගන්න. මේක ඉදිරියට ඔබලාටත් (කොමිසමට සහය වන රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අමතමින්* ඉස්සරහට අවශ්‍ය වෙයි.
 
 මෙහි වැඩිදුර විභාගය 2020 අගෝස්තු 11 දිනට කල් තබන ලදී.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles