Divaina - දේශපාලන පළිගැනීම් කොමිසමේ නොතීසි බල රහිත කරන්නැයි අනුර හා ශානිගෙන් පෙත්සම් 2ක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p4 1දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ලබන 16 සහ 17 දෙදින පෙනී සිටින ලෙස දන්වා එම කොමිසම විසින් තමන් වෙත නිකුත් කර ඇති නොතීසි බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරු ඊයේ (13 දා* අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සම් 02 ක් ගොනු කළහ.

පසුගිය ජනවාරි 09 දා එම කොමිෂන් සභාව ස්ථාපිත කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව එම කොමිෂන් සභාවට විමර්ශනය කිරීමට බලය පැවරී ඇත්තේ පසුගිය රජය සමයේ රාජ්‍ය සේවකයන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ පැමිණිලි පමණක් වුවත් ඇවන්ගාඞ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ද විභාග කිරීම සඳහා තමන් වගඋත්තරකරුවන් කරමින් නොතීසි නිකුත් කර ඇතැයි පෙත්සම්කරුවන් විසින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ.

එලෙස රාජ්‍ය සේවකයකු නොවන අයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමට එම කොමිෂන් සභාවට බලයක් නොමැති බැවින් තමන්ට නිකුත් කර ඇති නොතීසි ක‍්‍රියාත්මක කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තුරු නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අනුව විමර්ශනයක් පැවැත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් එමගින් ඉල්ලා ඇත.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න සහ සෙසු සාමාජිකයන් දෙදෙනා එම කොමිෂන් සභාවේ ලේකම්වරිය, නීතිපතිවරයා, නිශ්ශංක සේනාධිපති සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර යන මහත්ම මහත්මීන් නම් කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles