Divaina - සමගි ජනබලවේගයට ගිය හිටපු මන්තී‍්‍රන් 56 ක් යළි එජාපයට එක්වීමට සාකච්ඡා කළා - රංගෙ බණ්ඩාර කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 6එක්සත් ජාතික පක්‍ෂයේ සිට සමගි ජනබලවේගය පක්‍ෂයට එකතු වූ හිටපු මන්තී‍්‍රවරුන් 56 දෙනකු නැවත එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වීමට සාකච්ඡුා කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංගෙ බණ්ඩාර මහතා ඊයේ (13 දා* පැවසීය.

මෙම සාකච්ඡුා කළ මන්තී‍්‍රවරුන් 56 දෙනාගෙන් 23 දෙනකුගේ හඬපට තමන් සතුව තිබෙන බවත්, ඒ පිරිස් යම් ප‍්‍රකාශයන් සිදුකළහොත් තමාට ඔවුන්ගේ නම් හෙළි කළ හැකි බවත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (13 දා* පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයේ සිට සමගි ජනබලවේගය පක්‍ෂයට එක්ව සිටින හිටපු මන්තී‍්‍රවරුන් රැුසක් පසුගියදා සමගි ජන බල වේගය පක්‍ෂයට විරුද්ධව අධිකරණයේ පවරා තිබූ නඩුවට පාර්ශ්වකරුවන් ලෙස එක්වී සමගි ජනබලවේගය පක්‍ෂය තහනම් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවද ඒ මහතා කීය.

සමගි ජනබලවේගය පක්‍ෂය යටතේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින රිෂාඞ් බදියුදීන්, රාවුෆ් හකීම්, රාධා කි‍්‍රෂ්ණන් ඇතුළු කිහිපදෙනකු වරප‍්‍රසාද නොමැතිව සිටිය නොහැකි අය බවත්, ඒ අය මැතිවරණයෙන් පසු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පිහිටුවන රජයකට සම්බන්ධ වන බවත් ඉතිරි පිරිස නැවත එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකතු වන බවත් රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles