Divaina - කන්දකාඩු උපදේශක ගිය සාදයට උණවටුන උප දුම්රිය ස්ථානාධිපතිත් ගිහින් - උණවටුන දුම්රියපළ විෂබීජහරණය කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p2 4කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී කොවිඞ් ආසාදිත බවට තහවුරු කරගත් හබරාදුව හීනටිගල පදිංචි උපදේශකවරයා සහභාගි වූ උපන්දින සාදයට ගිය බව කියන දුම්රිය උප ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුතු සිදුකළ උණවටුන දුම්රිය ස්ථානය ඊයේ (13දා) විෂබීජහරණයට ලක් කිරීමට හබරාදුව ප‍්‍රාදේශීය සභාව කටයුතු කර තිබුණි.

මෙම උප දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු හීනටිගල ප‍්‍රදේශයේ තවත් පුද්ගලයන් දහසය දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගැනීම පසුගිය 12 දා හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේදී සිදුකළ අතර එම ප‍්‍රතිඵල අනුව එම අසල්වැසි පුද්ගලයින් කිසිවකුටත් කොවිඞ් ආසාදිත නොමැති බව තහවුරු වී තිබුණි.

අදාළ උප දුම්රිය ස්ථානාධිපතිවරයාට ද කොවිඞ් ආසාදනය වී නොතිබුණද දින දහහතරක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බැවින් ඔහු වෙනුවට වෙනත් පුද්ගලයකු දුම්රිය ස්ථානයේ කටයුතු සඳහා පත්කිරීමට දුම්රිය බලධාරීන් ඊයේ දහවල් වනතුරුත් කටයුතු කර නොතිබුණි.

කළහේ - අමිල මදුශංක
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles