Divaina - අංගොඩ ලොක්කාගේ කුඩු ජාවාරම මෙහෙයවන පාතාලයේ ගයියා සහ රන්කැටියා මුල්ලේරියාවේදී දැලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

578පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ හෙරොයින් ජාවාරම මෙහෙයවන ප‍්‍රධාන පෙළේ පාතාල සාමාජිකයන් දෙදෙනකු බව කියන ගයියා සහ රන්කැටියා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (13 වැනිදා) අලූයම මුල්ලේරියාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මිනීමැරුම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා වෙත චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. ඒ. එල්. එස්. මුණසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව මුල්ලේරියාව උඩුමුල්ල ප‍්‍රදේශයේදී කළ මෙහෙයුමකදී මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා කොටුවී ඇත්තේ හෙරොයින් තොගයක් ද සමඟය.

විදේශගතව සිටින අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාට අයත් හෙරොයින් බෙදා හැරීමේ ජාවාරම මොවුන් විසින් කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඉකුත් 2019 වර්ෂයේදී සුමේධ නමැති පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවකු බව කියන ගයියා නමැති අපරාධකරු තවත් අපරාධ රැුසකට සම්බන්ධ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සැකකරුවන් රඳවා තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බවද පොලිසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, පොලිස් අධිකාරි ලලිත් අබේසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. ඒ. එල්. එස්. මුණසිංහ, පොලිස් පරීක්‍ෂක හේමන්ත කුමාර, උප පොලිස් පරීක්‍ෂක කවිෂ්ක යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

හේමන්ත රන්දුණු
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles