Divaina - බස් රථවල ජංගම වෙළෙඳාම් වහාම නතර කරන්න -ඇමැති අමරවීරගෙන් උපදෙස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 4කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලූම පෞද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී ඇත.

මේ වන විට ඇතැම් ජංගම වෙළෙඳුන් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් අනුගමනය නොකර කටයුතු කරන බවට මහජනතාව විසින් ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.

ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිටම දුම්රියට ජංගම අලෙවිකරුවන් ඇතුළු වීම වැළැක්වීමට කටයුතු යොදා ඇති අතර, ඇතැම් ජංගම වෙළෙන්දෝ බස් රථ තුළ ආහාර ද්‍රව්‍ය, ජල බෝතල් හා රඹුටන් ආදි පලතුරු වර්ග අලෙවි කරති.

මෙම පුද්ගලයින් දිනපතා බස් රථ ගණනාවකට ගොඩ වෙන අතර ඔවුන් සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය නොකරමින් සිදු කරන මෙම කටයුතු හේතුවෙන් කොවිඞ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ ඉහළ බව පෙනී යයි.

එම නිසා වහාම එම ජංගම වෙළෙඳ කටයුතු නැවැත්වීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා එම කටයුතු පාලනය සඳහා නිලධාරීන් යෙදවීමට මෙන්ම ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගන්නා ලෙස ද දැනුම් දී තිබේ.

අකිත පෙරේරා
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles