Divaina - මහ බැංකුව ඊටීඅයි සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් ව්‍යාපාර කටයුතු අත්හිටුවයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 3ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (13දා) සිට බලපැවැත්වෙන පරිදි ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඞ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇත.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වන වගන්තිය ප‍්‍රකාරව පසුගිය ජූලි මස 10 වනිදා මේ තීරණය ගෙන තිබේ.

2011 වසරේ සිට පැවති විවිධ අක‍්‍රමිකතා හේතුකොටගෙන ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඞ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය මේ වන විට බංකොලොත් භාවයට පත්ව ඇති බවද මහ බැංකුව කියයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන යථා තත්ත්වයට පත් කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට මෙම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය දිගින් දිගටම අපොහොසත් වීම නිසා 2018 ජනවාරි 02 වැනිදා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එකී ආයතනවල මෙහෙයුම් කටයුතු සීමා කිරීමට, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීමට මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකාර මණ්ඩලයක් ද පත් කරන ලදී.

ඉන් අනතුරුව ගනු ලැබූ ක‍්‍රියාමාර්ග මගින් මෙම ආයතනවල පැවති මුළු තැන්පතුවලින් සියයට 30ක ප‍්‍රමාණයක් එම තැන්පත්කරුවන් වෙත ගෙවීමට එම ආයතනවලට අවස්ථාව සැලසුණි. මුදල් මණ්ඩලයේ විධානයන් මගින් එම ආයතන දෙකෙහිම අධ්‍යක්ෂකවරුන් වෙත එකී ආයතන යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ආයෝජකයින් ඉදිරිපත් කිරීමට නියම කර තිබුණද, ක‍්‍රියාවට නැංවිය හැකි කිසිදු සාර්ථක යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වූ අතර ආයතනයන්හි මූල්‍ය තත්ත්වය ද ක‍්‍රමයෙන් පසුබෑමට ලක්වීම අඛණ්ඩව සිදු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ආයතන දෙකෙහිම තැන්පතු කල්පිරුණ ද ඒවා තැන්පත්කරුවන්ට ගෙවීමට නොහැකි තත්ත්වයකට වර්තමානය වන විට ආයතන දෙකම පත්වී ඇත.

ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඞ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතනවල ව්‍යාපාර කටයුුතු අත්හිටුවීමත් සමඟ, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක‍්‍රමය මඟින් එහි පවත්නා නීති හා රෙගුලාසි ප‍්‍රකාරව රක්ෂිත තැන්පත්කරුවන් හට වන්දි ගෙවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ලබයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles