Divaina - සයින්දමරුදු පිපිරීම - අම්පාර පොලිස් ගරාජයේ හිටපු ඕඅයිසී අල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 2පාස්කු ඉරිදා ප‍්‍රහාර සිද්ධියට අදාළව සයින්දමරුදු ප‍්‍රදේශයේ සිදුවූ පිපිරීම සම්බන්ධ ප‍්‍රධාන පෙළේ සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අම්පාර පොලිස් රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (13 දා)  අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ප‍්‍රහාර සිද්ධියෙන් පසු අම්පාර සයින්දමරුදු ප‍්‍රදේශයේදී සහරාන්ගේ සොහොයුරා වන මොහොමඞ් රිල්වාන් ඇතුළු පිරිසක් බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානි කරගත් අතර එම ප‍්‍රහාර කිහිපය සම්බන්ධයෙන් ප‍්‍රධාන පෙළේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.

එම සැකකරු සැඟවී සිටින ස්ථානය මෙන්ම ඔහු පිළිබඳව සියලූ තොරතුරු දැන සිටි බව කියන මෙම ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා එම තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලබා නොදී වසන් කර ඇත.

එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා මෙම ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.

සැකකාර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ රැගෙන ආ අතර ඔහුගෙන් මේ පිළිබඳව දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව ද සේනාරත්න මහතා පැවසීය.

සැකකාර පොලිස් නිලධාරියා මෙම තොරතුරු වසන් කිරීම බරපතළ වරදක් බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles