Divaina - සියලූම උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා - යහපාලන රජයෙන් රාජ්‍ය සේවකයන්ට අහිමි වූ සියලූ අයිතිවාසිකම් අපේ රජයකින් ලබා දෙනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

- අගමැතිp9 3 මහින්ද රාජපක්‍ෂ මහරගම පාදුක්ක පොදුජන පෙරමුණු රැස්වීම්වලදී කියයි

- යහපාල
න රජය සමයේ රාජ්‍ය සේවකයන්ට අහිමිවූ සියලූ අයිතිවාසිකම් තම රජයක් යටතේ නැවත ලබාදෙනවා මෙන්ම දේශපාලන පළිගැනීම් කිරීමට නොහැකි වන ලෙස රාජ්‍ය සේවකයන්ට ව්‍යවස්ථාව තුළින්ම ආරක්ෂාව සලසන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මහරගම හා පාදුක්ක ප‍්‍රදේශවලදී පෙරේදා  (12 දා) පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප‍්‍රචාරක රැලි අමතමින්  අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අපේ ආණ්ඩුයි හැම අවස්ථාවකදීම රාජ්‍ය සේවකයා ගැන හිතලා කටයුතු කළේ. 1977 සිට 2005 දක්වා පැවැති ආණ්ඩු රාජ්‍ය අංශය බෙලහීන කර තිබුණේ. රාජ්‍ය අංශයට අයත් ආයතන, ජාතික සම්පත් පෞද්ගලීකරණය කළා. රාජ්‍ය සේවකයෝ හැමදාමත් මහපාරට වැටුණා. 1983 ජූලි වර්ජකයින් 40,000ක් එක රැුයින් ගෙවල්වලට යැව්වා. ඇතැම් වර්ජකයෝ ජීවත් වෙන්න බැරිව සියදිවි නසාගත්තා. ඒ වගේ රාජ්‍ය සේවයට පහත් විදිහට සලකපු ආණ්ඩුවක් තමයි පසුගිය ආණ්ඩුව.

මේ රටේ රාජ්‍ය අංශය ශක්තිමත් වෙන්නත්, රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය අංශය ගැන විශ්වාසයක් ඇතිවන්නත් පටන්ගත්තේ 2005 වර්ෂයේ ඉඳලයි. 2005 න් පස්සේ රාජ්‍ය සම්පත් පෞද්ගලික අංශයට විකුණන්නේ නෑ කියන පොරොන්දුව දීලා රාජ්‍ය අංශය ස්ථාවර කරන්න අපි පටන් ගත්තා. අපි රාජ්‍ය ආයතන රැුකගත්තා පමණක් නොවෙයි රජයේ සේවය පුළුල් කළා. ලක්ෂ 7 ක් වුණ රජයේ සේවය ලක්ෂ 15 දක්වා දෙගුණයකින් වැඩි කළා.

අපි බලයට එන විට සෞඛ්‍ය සේවයේ හෙදියෝ හිටියේ 7000 යි. අපේ කාලය ඉවර වෙනකොට අපි ඒක 15,000 දක්වා වැඩි කරලයි ගියේ. අපි රාජ්‍ය අංශය ශක්තිමත් නොකරන්න මේ වගේ කොවිඞ් වසංගතයක් ආවා නම් මොකද වෙන්නේ? ඒ නිසා තමයි අද කොවිඞ් වසංගතය මේ විදිහට විසඳගන්න පුළුවන් වුණේ.

පැවැති යහපාලන ආණ්ඩුව රජයේ සේවකයන් ගැන සැකෙන්මයි බැලූවේ. බලයට ආව ගමන් කළේ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරියා වූ ජනාධිපති ලේකම්වරයාව අල්ලලා හිරේ දැමීමයි. ඒ වගේම අනූෂ පැල්පිටත් හිරේ දැම්මා. තවත් දහස් ගණන් රාජ්‍ය නිලධාරීන්ව එෆ්.සී.අයි.ඞී.යට ගෙන්වලා ප‍්‍රශ්න කරලා වධ දුන්නා. ඒ නිසා යහපාලන ආණ්ඩුව කාලේ රජයේ නිලධාරීන් වැඩ කළේ නෑ. තීන්දු තීරණ ගත්තේ නෑ. මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෑ.

 ඕනෑම කටයුත්තක් සද්භාවයෙන් කරනවා නම් දේශපාලන පළිගැනීම් කරන්න බැරි වෙන්න ව්‍යවස්ථාව තුළින් රාජ්‍ය සේවකයන්ට ආරක්ෂාව සපයන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ ආණ්ඩුව විනිසුරුවරුන්ගේ සිට සියලූ දෙනාගේ ගෞරවය අන්තිම පහළටම ඇද දැම්මා. ඒ ආණ්ඩුවේ හිටපු මන්තී‍්‍රවරුන් රාජ්‍ය නිලධාරීන්ට, විනිසුරුවන්ට කොයිතරම් බලපෑම් කරලාද කියලා පහුගිය කාලේ එළියට ආපු හඬපටවලින් පැහැදිලි වුණා. මේ තමයි රාජ්‍ය අංශයට මුහුණපාන්න වූ අභාග්‍ය සම්පන්න සිදුවීම්.

තිස් වසරක් පුරා ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන විපර්යාසයක් කළ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නැති කරලා රටට සාමය උදාකිරීමේ ක‍්‍රියාදාමයේ දී රාජ්‍ය සේවකයන් සිදුකළ කැපවීම අප අගය කරනවා. ලංකාවේ රාජ්‍ය සේවය නොතිබුණා නම් මුළු ලෝකයේම දරුණු වසංගතයක් හැටියට පැතිරුණු කොවිඞ් වසංගතය ඉතා කෙටි කාලයකදී අපිට මර්දනය කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අපි රාජ්‍ය අංශයට දියයුතු සෑම අයිතිවාසිකමක්ම දෙනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් අතහැරදා තිබූ උපාධිධාරීන්ට රැුකියා දීමේ වැඩපිළිවෙළ අපි නැවත පටන් ගත්තා. එහි පළමු අදියර ලෙස මා ජනාධිපතිවරයාව සිටියදී උපාධිධාරීන්ට පත්වීම් ලබා දුන්නා. ඒ වගේම එම වැඩපිළිවෙළ  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉදිරියට ගෙනයමින් සියලූම උපාධිධාරීන්ට  රැකියා ලබාදීමට අප කටයුතු කරනවා.

අඩු ආදායම්ලාභී පවුල්වලට මූලිකත්වය දෙමින් රාජ්‍ය සේවයේ රැුකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ අපි මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. මැතිවරණයෙන් පසු අපි ඒ රැුකියා ලක්ෂය ලබාදීමේ වැඩපිළිවෙළත් කි‍්‍රයාත්මක කරනවා.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඔබ සියලූ දෙනා මුඛ ආවරණ පැළඳ සිටීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඔබේ ආරක්ෂාව ගැන හිතලා අපි  රැස්වීම් කිහිපයක් අවලංගු කළා. ඔබ අප ආරක්ෂාකාරී වුණොත් පමණයි මුළු සමාජයම මෙම වසංගතයෙන් ආරක්ෂා කරගත හැකිවන්නේ.

මහ මැතිවරණයෙන් අනතුරුව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පැරණි ක‍්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කරනවා. අප රජයක් පැවැති සෑම අවස්ථාවකදීම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය රජය අවුරුදු දෙකක් පුරා පළාත් පාලන මැතිවරණය කල් දැමුවා. පළාත් සභා මැතිවරණය කල් දාලා හැන්ගෙන්න පුළුවන් උපරිම දේ කළා. රටේ හොඳ වෙලාවට ජනාධිපතිවරණය තියන්න සිද්ධ වුණා. ජනාධිපතිවරණයෙන් අපි විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා.

එදා අපි පුංචි සාකච්ඡුාවකින් ආරම්භ කරපු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ආගමනය අද මහා බලවේගයක් බවට පත්වෙලා. ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් හාර දහසක් පමණ නියෝජිතයෝ පත්කර ගන්න පුළුවන් වුණා. එදා 71%ක ප‍්‍රතිශතයක් අරගෙන ඒ මැතිවරණය ජයග‍්‍රහණය කළා. උතුරු නැගෙනහිර හැර අනිකුත් ප‍්‍රදේශවල අපි ඉතා පැහැදිලි විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා කිව්වොත් හරි.

පසුගිය අවුරුදු 5 ක පාලනයේ දී විරුද්ධ පක්ෂයක් විදිහට අපි උපරිම දේ කළා. නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තිබුණු මත ගැටුම නිසා ජනතාවට කිසි දෙයක් ලැබුණේ නැහැ. දැන් වුණත් එජාපයේ දෙකඩ වූ පිරිස් ඡුන්ද ඉල්ලන්නේ ආණ්ඩුවක් හදන්න නෙවෙයි. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවන්න ඡුන්දෙ නොඉල්ලන එකම මැතිවරණය මෙයයි. ඔවුන් තරග කරන්නේ සිරිකොත අල්ලන්නයි. ඒක උසාවියට ගිහිල්ලා වුණත් බේරුමක් කරගන්න පුළුවන්. මම අපේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ රටක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න කියලයි.

මෙම අවස්ථාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අනුර බාලසූරිය, බොරලැස්ගමුව - ඥානතිස්ස ජයවර්ධන

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles