Divaina - අගුලාන පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 10මොරටුව, අගුලාන, ලූනාව ප‍්‍රදේශයේ වෙඩි තැබීමකින් ධීවරයකු මරුමුවට පත්වීම සම්බන්ධයෙන් අ`ගුලාන පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘‘දිවයින’’ ට ඊයේ (12 වැනිදා) පැවැසීය.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අ`ගුලාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු, පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් කොස්තාපල් රියැදුරකුගේ බවද හෙතෙම සඳහන් කළේය.

වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා විසින් සිදුකරන ලද අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවට අනුව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත මෙම තීරණය ගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.

මොරටුව, අ`ගුලාන, ලූනාව පාලම අසල මාර්ගයේදී හදිසි සෝදිසි මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටි අ`ගුලාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනකු ත‍්‍රිරෝද රථ දෙකකින් පැමිණි පුද්ගලයන් පස්දෙනකු පරීක්‍ෂා කිරීමේදී සිදුවූ පොරබැදීමකදී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය කියයි.

10 වැනිදා රාත‍්‍රි 11.55 ට සිදුවී ඇති මෙම සිද්ධියේදී වෙඩි වැදී මියගොස් ඇත්තේ මොරටුව, ලූනාව, හත්වැනි පටුමග පදිංචිව සිටි කස්තුරිආරච්චිගේ අමිත් කරුණාරත්න (39) නමැති ධීවරයෙකි. ඔහු සිව්දරු පියෙකි.

සිද්ධිය වී ඇති දිනයේ පස්දෙනකුගෙන් සමන්විත පිරිසක් ධීවර රැුකියා කටයුතු සඳහා යෑමට (මොරටුව ප‍්‍රදේශයෙන් බෝට්ටුවකින් පිටත්වීමට) ත‍්‍රිරෝද රථ දෙකකින් පැමිණ තිබේ. මෙම පිරිස ත‍්‍රිරෝද රථ දෙකකින් පැමිණීමේදී අදාළ පොලිස් නිලධාරීන් එම රථ දෙක නවත්වා ඇත.

එහිදී අදාළ රථ දෙක පොලිස් නිලධාරීන් පරීක්‍ෂාවට ලක්කිරීමේදී මියගිය පුද්ගලයා කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසිය දෙසට ගල් ප‍්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘‘දිවයින’’ට පැවැසීය.

එහිදී අනෙක් සිව්දෙනාද පොලිසියට බලපෑම් කරමින් පොරබදන්නට වීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි හෙළිවූ බවද එම නිලධාරියා කීය.

මෙම දිනවල මොරටුව හා ගල්කිස්ස යන ප‍්‍රදේශවල මත්ද්‍රව්‍ය හා පාතාල කටයුතු මර්දනය සඳහා පොලිසිය විසින් විශේෂ මුර සංචාර හා මාර්ග සෝදිසි මෙහෙයුම් කටයුතු සිදුකරමින් තිබූ මොහොතක මෙම සිද්ධිය සිදුව ඇතැයිද හෙතෙම කීය.

මෙම වෙඩි වැදීමත් සම`ග අදාළ ධීවරයා වැටී ඇති බවත් ඔහු කියා සිටියේය.

මෙම සිදුවීමත් සමග මියගිය ධීවරයාගේ ඥාතීන් හා ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් පොලිසියට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට උත්සාහ දැරීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය හා අවට පොලිස් ස්ථානවල සහායෙන් එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මොරටුව වැඩබලන මහෙස්ත‍්‍රාත් චතුර ද සිල්වා මහතා මෙම ඝාතනයට අදාළ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය.

හිසට වෙඩි වැදීමෙන් මෙම ධීවරයාගේ මරණය සිදුව ඇතැයි කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පේ‍්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, එස්. ඞී. අබේසිංහ, මහරගම

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles