Divaina - ඡන්දයට යනවාද කියා පක්‍ෂ එකතු වී තීරණයක් ගත යුතුයි - රනිල් වික‍්‍රමසිංහ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 6කොරෝනා රෝගී තත්ත්වය වැඩිවීම නිසා මැතිවරණය පැවැත්විය හැකිද යන්න දේශපාලන පක්‍ෂ එක්ව සාකච්ඡුා කර තීරණයක් ගෙන රටට ප‍්‍රකාශ කළ යුතු යැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (12 දා) කුරුණෑගල ජනහමුවකදී පැවසීය.

මහ මැතිවරණයට අපේක්‍ෂකයන් තුන්දහසක් පමණ ඉදිරිපත් වී සිටින බවත්, ඔවුන් මේ වන විට මැතිවරණය සඳහා විශාල වියදමක් දරන බවත් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

රටේ පවතින කොරෝනා වසංගතය ගැන සත්‍ය තත්ත්වය හෙළි නොකර යම් හෙයකින් මැතිවරණය කල් දැමීමට සිදුවුවහොත් මැතිවරණයට වියදම් කළ අපේක්‍ෂකයන්ගේ මුදල් වලින් නිසි ප‍්‍රයෝජනයක් නොලැබෙන බව ද ඒ මහතා කීය.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණේ ප‍්‍රචාරක රැුළි නැවැත්වීමට තීරණය කර ඇති බවත් ඒ මහතා කීවේය.

ආණ්ඩුව මුල සිටම කොරෝනා රෝගීන්ගේ සත්‍ය තත්ත්වය හා පීසීආර් පරීක්‍ෂණ සත්‍ය තත්ත්වය හෙළි නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් රටේ ඇතිව තිබෙන බව ද වික‍්‍රමසිංහ මහතා පැවසීය.

මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පීසීආර් පරීක්‍ෂණ පැවැත්වීම නතර කර ඇති බවත්, එම විශ්වවිද්‍යාලය මගින් හෙළි කරන සත්‍ය වාර්තා හෙළි නොකරන ලෙස එම විශ්වවිද්‍යාලයට දැනුම්දී ඇති බවත් ඒ නිසා ඔවුන් පරීක්‍ෂණ කිරීම නවතා ඇති බවත් කී ඒ මහතා තමා හා තම බිරිඳ මෛතී‍්‍ර පී.සී.ආර්. පරීක්‍ෂණ කර ගන්නේ ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බව ද කියා සිටියේය.

චමින්ද සිල්වා

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles