Divaina - කොරෝනා කටකතා පිටුපස විපක්‍ෂය - අගමැති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 5යළිත් කොරෝනා රෝගය රටපුරා පැතිරෙන බව කියමින් රටේ ජනතාව බිය ගන්වන කට කතා පතුරවන කල්ලිය පසු පස විපක්‍ෂය සිටින්නේ යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (12 දා) ප‍්‍රකාශ කළේය.

විපක්‍ෂය කොරෝනා මුල්කර ගෙන මෙම කටකතා පතුරවනු ලබන්නේ ඡුන්දය කල්දමා ගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් යැයි කී අගමැතිවරයා විපක්‍ෂය මොන සෙල්ලම් දැමුවත් ජනතාව එම උපක‍්‍රමවලට නොරැුවටෙන බවද කීවේය.

කොරෝනා පැතිරයෑම වැළැක්වීමට ක‍්‍රියාකිරීම ජනතාව සතු කාර්යයක් බවද ඔවුන් නිසි ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස්මත කොරෝනා වසංගතයෙන් ගැලවීමට ක‍්‍රියා කළ යුතුව ඇතැයිද අගමැතිවරයා සඳහන් කළේය.

කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා ජනතාව දැනුවත් කරනවා වෙනුවට විපක්‍ෂය කරන්නේ කොරෝනා කියමින් රටපුරා කටකතා පැතිරවීම යැයිද අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා මෙසේද කීවේය.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල පවා අපේ උදවිය නියැළී සිටින්නේ සෞඛ්‍ය උපදෙස් මතයි. විපක්‍ෂයට අද අවශ්‍යවෙලා තියෙන්නේ කොරෝනා මුල්කරගෙන ඡුන්ද වාසි ලබා ගැනීමටයි. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ඔවුන් කරපු දෙයක් නැහැ. ජනතාවට සහන ලබාදීමට ඒගොල්ලන්ට දැන් ආයෙත් මතක් වෙලා. විපක්‍ෂයේ ලණු කෑමට ජනතාව මෝඩ නැහැ. බොරු කටකතා පතුරවන අයට නීතිය තදින්ම ක‍්‍රියාත්මක කළ යුතුයි.

ආණ්ඩුව පසුගිය දිනවලදී කොරෝනා තත්ත්වය බොහෝදුරට මැඩලීමට ක‍්‍රියා කළා. ඊට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු නිලධාරීන්, හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරින්ගේ සහාය ආණ්ඩුවට නොඅඩුව ලැබුණා. මෙම තත්ත්වයෙන් බේරීමට ජනතාව නිතරම සෞඛ්‍ය උපදෙස් මත ක‍්‍රියා කළ යුතුයි.

නෝමන් පලිහවඩන

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles