Divaina - තැපැල් ඡන්දය අද ඇරඹෙයි

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 8පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡුන්ද විමසීම අද (13 දා) ආරම්භ වෙයි.

මැතිවරණ කටයුතු අධීක්‍ෂණය කරන සෞඛ්‍ය වෛi නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීහු අද දිනයේදී තැපැල් ඡුන්ද ප‍්‍රකාශ කරති.

රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡුන්ද සලකුණු කිරීම හෙට (14) හා අනිද්දා (15) සිදුකිරීමට නියමිතය. පොලිසිය, ත‍්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල නිලධාරීන් 16 හා 17 දිනවලත් ඉහත දිනවල ඡුන්ද ප‍්‍රකාශ කිරීමට නොහැකි වන නිලධාරීන්ට 20 හා 21 දිනවලත් තැපැල් ඡුන්ද සලකුණු කිරීමට ඉඩ ලබා දී ඇත.

තැපැල් ඡුන්ද විමසීමේ කටයුතු ද දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ ක‍්‍රමවේද යටතේ සිදු කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.

මෙවර තැපැල් ඡුන්ද ප‍්‍රකාශ කිරීම සඳහා ඡුන්ද දායකයන් හත්ලක්‍ෂ පන්දහස් අසුපස්දෙනකු (705085) පමණ සුදුසුකම් ලබා ඇත.

රනිල් ධර්මසේන
 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles