Divaina - කන්දකාඩුවේ උපදේශකයකු වූ හබරාදූවේ පුද්ගලයාට කොරෝනා - ගුරුවරියක වූ බිරිඳගේ පාසලේ පිරිසකුත් නිරෝධායනයට

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p2 1- පවුලේ අය ඇතුළු 17 දෙනෙක් නිරෝධායනයට

- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙස සේවය කරන හබරාදුව පොලිස් වසමේ පදිංචි පුද්ගලයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

උණවටුන, තල්පෙ, අත්තරගොඩ ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ඔහුගේ පී. සී. ආර්. පරීක්ෂණය කරාපිටිය රෝහලේදී සිදු කිරීමෙන් පසු ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. පසුව ඔහු පෙරේදා (11 දා* කොළඹ අයි. ඞී. එච්. රෝහල වෙත යැවීමට කටයුතු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඔහු මව සහ බිරිඳ සමග නිවසේ ජීවත්ව ඇත. ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර යාබද නිවෙස් කිහිපයක ජීවත්වන පුද්ගලයන් ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඔහුගේ මව සහ බිරිඳ ඇතුළු සමීපතමයන් 17 දෙනකු ඊයේ පී. සී. ආර්. පරීක්ෂණවලට යොමු කළ බව හබරාදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අචින්ත සමරසිංහ මහතා පැවසීය.

ඔහුගේ බිරිඳ ගුරුවරියක වන අතර ඇයගේ පී. සී. ආර්. පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් පාසලේ ඇයගේ සමීප ආශ‍්‍රිතයන් වූ ගුරුවරුන් හා ළමයින් ස්වයං නිරෝධායනට ලක් කිරීමට පියවර ගෙන ඇත.

අහංගම - සුගතපාල දීයගහගේ, හබරාදුව - ඒ. එල්. ඒ. ආරියරත්න, කළහේ - අමිල මදුශංක

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles