Divaina - ජනතාව සූරාකන තෙල් මිල වහා අඩු කළ යුතුයි - මේ තරම් අප‍්‍රසාදයට පත්වූ ආණ්ඩුවක් ඉතිහාසයේම නැහැ - සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p7 2- බිංගිරිය සමගි ජනබලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීම

- ‘අද මේ රටේ කර්මාන්ත ව්‍යාපාර කඩා වැටිල ජනතාව අතේ සතේ නෑ. කුස්සියේ බඩු ටිකට බදු ගහන ගමන් ජනතාවගේ බඩටත් ගහලා. මේ ආණ්ඩුව තරම් කෙටි කාලයක් තුළදී ජනතා අප‍්‍රසාදයට ලක්වූ ආණ්ඩුවක් ඉතිහාසයේම නැතැයි’ සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

මේ නිසා රටේ සංවර්ධනයට ජනතා සුබ සිද්ධියට දැවැන්ත ආර්ථික විපර්යාසයක් සිදුකළ යුතු අතර මේ සඳහා ජනතාවට සහන සැලසීමේ ප‍්‍රථම පියවරක් ලෙසින් අප බලයට පත්වූ වහාම පැය 24 ක් ඇතුළත මේ රටේ ජනතාව සූරාකන තෙල් මිල වහාම අඩු කිරීමට කටයුතු කරන්නේ යැයි සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ බිංගිරිය ආසනයේ සමගි ජනබලවේග පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින් බණ්ඩාර ජයමහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති බිංගිරිය ආසන බල මණ්ඩල රැුස්වීමට සහභාගි වෙමින් පේ‍්‍රමදාස මහතා මේ බව පැවසීය.

උඩුබද්දාව දිවුරම්පොල මංසන්ධියේ පැවති මෙම

රැුස්වීම අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා-

වර්තමානයේ මේ කඩාවැටුණු ආර්ථික ප‍්‍රපාතයෙන් ගොඩඒම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට සියලූ පහසුකම් සපයන අතර මේ ආර්ථික ව්‍යසනයෙන් බැටකෑ සෑම පවුලක් සඳහාම රුපියල් 20,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. ආණ්ඩු පක්‍ෂයේ ඇතැමුන් මේක සරදමකට ලක් කරනවා. ඔය ආණ්ඩුවේ පට්ටම් ගහගත්තු ආර්ථික විශේෂඥයන්ට අපි මේ දේ ප‍්‍රායෝගිකව කරලම පෙන්වන්නම්.

අපි මේ රජය වගේ බොරු පූචානම් වලින් ජනතාව රවට්ටන්නෙ නෑ. ආපු ගමන් සැමන්, පරිප්පු, ලූනු අඩුකර සනීපද කියල අහපු ආණ්ඩුව මාසයක් යාමටත් පෙර ජනතාවගේ බඩට මතක හිටින්නට ගැහුවා. හැබැයි අපි ජනතාවගෙන් සනීපද කියල අහන්නෙ නෑ. ජනතාව දැන් අසනීපෙන් බඬේ ගින්දරෙන් හිතේ අමාරුවෙන් ඉන්න බව අපි දන්න නිසා. බැංකුවල නිලධාරීන් ගෙන්වාගෙන මාධ්‍ය ඉදිරියේ සියයට 4 ණය ගැන කියමින් මහා නාටකයක් නැටුවා. මේ ගම්වල කාටද ඒ සියයට 4 ණය ලැබුණේ. ඒකත් අර රුපියල් 5000 ආධාර බෙදුව වගේ තමන්ගේ ගොඩට පමණයි.

නොමිලේ පොහොර දෙන බවට පම්පෝරි ගැහුවා. අද නොමිලේ තියා සල්ලිවලටත් පෝර නෑ. අස්වැන්න විනාශයි. මෙහෙ කුඹුරු ටික විනාශ වෙන්න ඉඩ ඇරලා නායකයෝ හාල්මෝල් ගානේ යනවා. ඔවුන් බඩු මිල අඩු කළාද? මේක ප්‍රෝඩාවක් වංචාවක් බොරුවක් ගෙනියන පාලනයක්. අද මේ තත්ත්වය ජනතාව වටහාගෙන අවසානයි. ඔවුන් බලා සිටින්නේ මේ මැතිවරණ දිනය උදාවන තෙක් අපි මේ රටේ ජනතාව බලාපොරොත්තු වන සාධාරණ යුක්ති ගරුක සමාජයක් ලබන 5 වැනිදායින් පසුව මේ රටේ බිහි කරන්නේ යැයි සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ සමගි ජනබලවේගයේ බිංගිරිය ආසන සංවිධායක නලින් බණ්ඩාර ජයමහ මහතා මෙහිදී අදහස් දක්වමින්,

89 සිට වසර 20 කට අධික කාලයක් මේ ප‍්‍රදේශයට මන්තී‍්‍රවරයෙක් හිටියේ නෑ. 2010 දී අපි ජයග‍්‍රහණය කළත් රාජ්‍ය බලය නොතිබූ නිසා අපිට වැඩක් කිරීමට නොහැකි වුණා.

බිංගිරියට කර්මාන්තපුර යෝජනා කළේත් කි‍්‍රයාත්මක කළේත් නලින් බණ්ඩාම මිස වෙන කව්රුවත් නොවෙයි. අද මේ රට යන්නේ අඳුරෙන් අඳුරට අගාධයෙන්

අගාධයට. මේ තත්ත්වය වළක්වා රටේ නැවතී තිබෙන සංවර්ධනයට යළි පණ දීමට හැක්කේ සජිත් පේ‍්‍රමදාසට පමණකැයි පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා අදහස් දක්වමින්,

දේශපාලනයේ විශ‍්‍රාම යන වචනය ඇත්තේම නෑ. නැත්නම් ඒක තහනම් වචනයක්. මේ දැවැන්ත පක්‍ෂය කැඞී යෑමට පෙර මම හිටපු අගමැති වන රනිල් වික‍්‍රමසිංහ මහතාට මේ බව කිව්වා. සමාදාන කිරීමට හැදුවා. රනිල් හිටියේ දැඩි මතයක. කීප දෙනෙක් ඔහුට පොහොර දැම්මා. මේ නිසාම මමත් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළා. ඇයි අපි මේ රට සංවර්ධනය කිරීමට තරුණ නායකත්වයට දීමට කුහක වන්නේ යැයි පැවසීය.

ජේ. සී. අලවතුවල, උපාලි පියසෝම, තුෂාර ඉඳුනිල් යන මහත්වරු ඇතුළු කීප දෙනෙක්ද මෙහිදී අදහස් දැක්වූහ.

බිංගිරිය - සෝමසිරි ඒකනායක
 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles