Divaina - එක පවුලකට බලය ලබාදී විනාශ වෙනවාද? අතට මුදල් ලැබෙන එජාප පාලනයක් ඇති කරනවාද? - තීරණය අගෝ : 05 දා - එජාප නායක රනිල් වික‍්‍රමසිංහ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p7 1- මහරගම හා කොලොන්නාව බල මණ්ඩල රැස්වීම්

- එක පවුලේ ජනාධිපති, අගමැති රට පාලනය කළත් ආර්ථික ප‍්‍රශ්නවලට විසදුම් ලබාදීමට නොහැකි වූ බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඔවුන්ට නැවත බලය දී රට විනාශය කරා ගෙන යනවාද, එසේත් නැතිනම් ආර්ථිකය ගොඩන`ගා අතට මුදල් ලැබෙන එ.ජා.ප. පාලනයක් ඇති කරනවා ද කියා රටේ ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ යුතු බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවණයට ඉදිරිපත්ව සිටින්නේ ජනතාව අතට මුදල් ලබාදෙන ක‍්‍රමවේදයක් ඇති කර රටේ ආර්ථිකයට නව පනක් ලබාදීමට බව වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ  පසුගියදා මහරගම සහ කොලොන්නාව එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම අමතමිනි.

තලපත්පිටිය නිව්සිරි උත්සව ශාලාවේදී පැවැති මහරගම බල මණ්ඩල රැුස්වීම මහරගම එ.ජා.ප. සංවිධායක නීතිඥ සුදත් ජයසුන්දර මහතා සංවිධානය කර තිබූ අතර, කොටිකාවත්ත සණස ශාලාවේදී පැවැති කොලොන්නාව එ.ජා.ප. බල මණ්ඩල රැුස්වීම කොලොන්නාව එ.ජා.ප. සංවිධායක ජිනසිරි දඩල්ලගේ මහතා විසින් සංවිධානය කොට තිබිණි.

එම බල මණ්ඩල රැුස්වීම් අමතා තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනාම දියවන්නා ඔයට තල්ලූ කළ යුතු බව පසුගිය කාලයේ මෙරට වැඩිහිටි ජනතාව මෙන්ම තරුණ තරුණියෝද ප‍්‍රකාශ කළා. නමුත් මේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්කර තිබෙන අපේක්ෂකයන් කිසිවෙක් දියවන්නාවට දැමිය යුතු අය නොවෙයි. එවැනි අය අපේ පක්ෂයෙන් මෙවර ඉදිරිපත් කර නැහැ.

අපි අද නැවත මේ රටේ ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටිනවා. ඒ වරම ඉල්ලා සිටින්නේ ඔබේ අතට මුදල් ලබාදී රට දියුණු කිරීම සඳහායි. අද මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඒ අර්බුදය ඇති වුණේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා නොවෙයි. එය ආරම්භ වුණේ පසුගිය ජනවාරියේදී බව කිව යුතුයි.

මේ ආණ්ඩුව නොවැම්බර් මාසයේදී රටේ බදු ක‍්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. අලූත් බදු ක‍්‍රමයක් ගෙනවිත් රටේ ආර්ථිකයට පණදෙන බව ඔවුන් එදා ප‍්‍රකාශ කළා. ඇතැම් අය ඊට ප‍්‍රශංසා කළා. ඒ බදු ක‍්‍රමය නිසා දෙසැම්බර් මාසය අවසන් වන විට රජයේ බදු ආදායම අඩු වුණා. මේ නිසා ණය ගෙවා දැමීමට නොහැකි වුණා. ඒ බදු නිසා ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන් සඳහා ලබාදීමට අපේ ආණ්ඩුව සැලසුම කර තිබූ දීමනා මේ ආණ්ඩුව කපා හැරියා. ඒ නිසා මේ ප‍්‍රශ්නය රටට හෙළිවුණා. කොරෝනා හේතුවෙන් එය තවත් උග‍්‍ර තත්ත්වයට පත්වුණා.

මේ රටේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණේ පසුගිය පෙබරවාරි මාසයේදී. නමුත් ආර්ථික අර්බුදය ඇතිවුණේ රාජ්‍ය සේවකයන්ගේ දීමනා කපා හැරියේ ජනවාරි මාසයේදී බව කිව යුතුයි.

මේ අර්බුදය නිසා මේ වන විට රටේ අපනයන ආදායම විශාල ලෙස අඩුවී තිබෙනවා. එම නිසා විදේශ ආදායම අඩුවී තිබෙනවා. රටේ ආදායම කඩා වැටෙනවා නම් රට ඉදිරියට ගෙනයා නොහැකියි. මෙරටට ආනයනය කරන භාණ්ඩ ඩොලර් මිලියන 7000 කින් අඩුකළ පමණින් එහි දියුණුවක් ඇති වෙන්නේ නැහැ. අද මේ ස්ථානයට පැමිණ සිටින මාධ්‍යවේදීන්ගේ දීමනා කපාහැර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඔවුන් රැුකියා කරන සමාගම්වල ආදායම පහත වැටීමයි. තව මාස හයක් ඉදිරියට ගියොත් වැටුපත් අඩු කරාවි.

එහෙම වුණොත් කාටවත් දොස් න`ගන්න බැහැ. නැවත අවුරුදු පහකට ජන වරමක් ඉල්ලන්න මේ ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බව කිය යුතුයි.

ජනාධිපති, අගමැති එකම පක්ෂයේ සිටිමින් රට පාලනය කළත් ජනතාවගේ අතේ මුදල් නැහැ. මෙවර රටේ ඡුන්ද දායකයන් අවබෝධ කරගත යුත්තේ ජනාධිපති, අගමැති එකම පක්ෂයෙන් නැවතත් පත් කරනවාද, ජනතාවගේ අතට මුදල් ලබා දෙනවාද කියයි.

අප බලය ඉල්ලන්නේ ජනතාවගේ අතට මුදල් ලබා දීමටයි. 2015 අපි බලයට පත්වනවිට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු පනහක්වත් අපට සිටියේ නැහැ. නමුත් අප බලයට පැමිණ ඒ වසරේ පෙබරවාරි මාසය අවසන් වීමට පෙර එවකට මුදල් ඇමැතිවරයාව සිටි රවි කරුණානායක මහතා රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස සෑම තැනකම වෙළෙඳාම වැඩි වුණා. එමගින් ජනතාව මුදල් උපයා ගැනීමට හැකිවුණා.

අද මේ ආණ්ඩුවට විදේශ විනිමය සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් පසු ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගැනීම සඳහා ලොව රටවල් බොහෝමයක් ඉල්ලූම් කළා. අපත් ඒ ඉල්ලීම කර තිබෙනවා. නමුත් අපට ඒ මුදල් ලබානොදී පකිස්ථානය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින වැනි රටවල් මුදල් ලබා ගත්තා. ලංකාවට දුන්නේ නැහැ. මේ මුදල් ලබා නොගෙන ආණ්ඩුව දැන් විවිධ කතා කියමින් සිටිනවා. රාජ්‍ය බැංකු තුනට එම මුදල් ලබාගන්න කියනවා. ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැත්නම් බැංකු ලබාගන්නා එම මුදල්වලට වගකීම භාරගන්නේ කවුද කියන ප‍්‍රශ්නය මතුවෙනවා.

ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල තිබෙන්නේ මෙරට ජනතාවගේ තැන්පත් මුදල්. බැංකු ණය මුදල ලබා ගන්නේ නම් ඊට ඇප වෙන්නේ කවුද.

මේ ආණ්ඩුවට නිසි ප‍්‍රතිපත්තියක් නිසි වැඩපිළිවෙළක් නොමැතිකම නිසා අද එම මුදල් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. නමුත් මා කියා සිටින්නේ අගෝස්තු පළමු සතියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වී තුන්වැනි සතිය ගතවන්නට පෙර මේ මුදල් අපේ රටට ලබාගැනීම සඳහා සාකච්ඡුා කර එම මුදල් අප

ලබාගන්නවා.

මෙම මුදල් ලබා ගැනීමෙන් පසු ලංකාවෙන් මුදල් සොයාගැනීම පහසු කාර්යයක් වෙනවා. ඩොලර් මිලියන 6000 ක් අපට ලැබෙනවා නම් ලංකාවේ කවුද අපට මුදල් නොදෙන්නේ. එතැන් සිට ආයතනවලට උදව් කිරීම, රැුකියා ආරක්ෂා කිරීම වැනි වැඩකටයුතු සිදුකළ හැකියි.

ජනතාව අතට මුදල් අවශ්‍ය නම් ගෙදර ආර්ථිකය හදාගන්න වුවමනා නම් අලියා ළ`ගින් කතිරය ගසා එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරවන ලෙස සමස්ත ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

මෙම බල මණ්ඩල රැුස්වීම් අමතා කොළඹ දිස්ත‍්‍රික් එ.ජා.ප. මැතිවරණ අපේක්ෂකයන් වන එ.ජා.ප. උප නායක රවි කරුණානායක සහ එ.ජා.ප. උප සභාපති දයා ගමගේ සහ ජපානයේ හිටපු තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු අදහස් දැක්වූ අතර, එම අවස්ථාවන්වලට කොළඹ දිස්ත‍්‍රික් එ.ජා.ප. අපේක්ෂකයන් රැුසක් සහභාගි වී සිටියහ.

චමින්ද සිල්වා

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles