Divaina - නාකොටික් කුඩු ජාවාරමුන් එල්ලන්න කියා උසාවියෙන් ඉල්ලනවා

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 හේමන්ත රන්දුණු
 
ssss අත්අඩංගුවට ගත් හෙරොයින් නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවන් වන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන්ට මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (10 වැනිදා* කියා සිටියේය.
 
 නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේද කියා සිටියේය.
 
 අත්අඩංගුවට ගන්න හෙරොයින් නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට අලෙවි කිරීමට එම කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කිරීම ඉතාම බරපතළ වරදක්, මේ වගේ අපරාධ කරද්දී කොහොමද රටේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපවත්වන්නෙ.
 
 මේ චෝදනා එල්ල වෙලා තියන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණ කඩිනමින් අවසන් කර ඔවුන් ත‍්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ලක් හමුවට ඉදිරිපත් කර මරණීය දණ්ඩනය ලබා දෙන්න කියලා අපි අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉල්ලීම නීතිපතිවරයා හරහා අගවිනිසුරුවරයා වෙත කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles