Divaina - කන්දකාඩුවේ කොරෝනා 339ට නගී... ඊයේ දිනයේ පමණක් 283ක්.. උපදේශිකාවගේ පවුල්වල අයත් ස්වයං නිරෝධායනයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1


 
 පුනරුත්ථාපනය වන අයගේ සුවදුක් බලන්න ආ  120දෙනකුත් නිරෝධායනයට
 
 ලසිත දුමින්ද, සුජීව තත්සර, කරුණාරත්න ගමගේ
 
 coro135කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (10 දා* දිනයේදී පමණක් කොවිඞ් - 19 ආසාදිත පුද්ගලයන් 283දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එය දිනකදී මෙරටින් වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාවද වේ
 
 අදාළ මධ්‍යස්ථානයෙන් පෙරේදා (09 දා* කොවිඞ් - 19 ආසාදිත පුද්ගලයන් 56 දෙනකු හඳුනාගෙන තිබීමත් සමග එම මධ්‍යස්ථානයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 339ක් දක්වා ඊයේ සවස් වන විට ඉහළ ගොස් තිබිණි.
 
 මේ සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2437 දක්වා ඉහළ ගොස් ඇත.
 
 ඒ අතුරින් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ගණන 446 කි. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස 1980 කි.
 
 අදාළ මධ්‍යස්ථානයේ උපදේශිකාවකට ද ‘කොවිඞ් 19’ ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් සහ නිවාඩු ලබා ගිය උපදේශක උපදේශිකාවන් අටදෙනකු යළි ගෙන්වා ගැනීමට පියවර ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
 
 එසේම පුනරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයන්ගේ සුවදුක් බැලීමට පැමිණි 120 කට ආසන්න පිරිසක් ද ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවත් සඳහන් කළ යුද හමුදාපතිවරයා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සමාජයට බලපෑමක් ඇති නොවන බවත් කීවේය.
 
 නමුත් එම මධ්‍යස්ථානයේ උපදේශිකාවකට කොවිඞ් ආසාදනය වීම මත බාහිර සමාජයට ‘කොවිඞ් 19’ රෝගය පැතිරීමට ඉඩකඩක් පවතින බැවින් නිවෙස්වලින් බැහැරව යන්නේ නම් අනිවාර්යයයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කළ යුතු බවත්, එසේ වුවහොත් ‘කොවිඞ් 19’ රෝගයේ දෙවැනි රැුල්ල පාලනය කිරීමට හැකියාව ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
 කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සමග සබඳතා පැවැත්වූ සියලූම පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලබා ගන්නා බවත්, සැකසහිත සියලූම දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බවත් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.
 
 කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවීමත් සමග රෝගය සමාජයේ පැතිරීමේ අවදානමක් පවතින හෙයින් සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද නිසියාකාරව පිළිපදින ලෙස කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.
 
 කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත ‘කොවිඞ් 19’ රෝගය පැතිරීමේ දෙවැනි රැුල්ලක් ඇති නොවීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලූම අංශ එක්ව පියවර ගන්නා බවද යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘දිවයින’ට ඊයේ (10 වැනිදා* පැවසීය.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles