Divaina - රිය අනතුරට පාඨලීට නඩු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
pagali135 අපරීක්‍ෂාකාරී ලෙස හා නොසැලකිලිමත් ආකාරයෙන් රිය පදවා තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීම, තුවාලකරු ආරෝග්‍යශාලාවකට රැුගෙන යෑමට පියවර නොගැනීම හා රිය අනතුර සම්බන්ධයෙන් පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා ඊයේ (09 දා* පස්වරුවේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.
 
 2016 පෙබරවාරි 28 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී රාජගිරිය ජනාධිපති විදුහල අසලදී සන්දීප් සම්පත් ගුණවර්ධන යන අය රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකර ඉදිරිපත් කළ විමර්ශන උද්ධෘත සලකා බැලූ නීතිපතිවරයා එම විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබේ.
 
 එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස 19 දෙනකු හා පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරකු ලෙස කටයුතු කළ දිලූම් තුසිත කුමාර නමැත්තා පසුගිය ජනවාරි 29 දා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා වෙත ලබාදුන් ප‍්‍රකාශයේ පිටපතක් ඇතුළු ලේඛන රැුසක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව ද නීතිපතිවරයා එමගින් අධිකරණයට දන්වා තිබේ.
 
 මේ අතර කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවති එකී රිය අනතුර සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තට උපයෝගී කරගැනීමේ අරමුණින් බොරු සාක්‍ෂි ගෙතීම එනම් එකී රිය අනතුර සිදුකරන ලද්දේ විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා බව සඟවා දෙවැනි චූදිත බවට හැඟවීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු දිලූම් තුසිත කුමාර හා එවකට වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය තවත් නඩුවක් පවරනු ලැබීය.
 
 2016.02.28 වැනි දින සන්දීප් සම්පත් ගුණවර්ධන යන අයට බරපතළ තුවාල සිදුකළ ජීප් රථය පදවනු ලැබුවේ පළමුවැනි විත්තිකාර පාඨලී චම්පික රණවක බව දනිමින්ම හෝ ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී එකී විත්තිකරුට එකී වරද සම්බන්ධයෙන් වන වරදට නීත්‍යනුකූල දඬුවම් ලැබීම වැළැක්වීමේ අරමුණින් පළමුවන චූදිතට එරෙහි සාක්‍ෂි අතුරුදන් කිරීම, ඒ සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඇතුළු චෝදනා ද විත්තිකරුවන්ට එරෙහිව නඟා තිබිණි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles