Divaina - රංගජීව උසාවි භූමියේදීම මාධ්‍යවේදියකුට ‘පාට්’ දමයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ඒ. ජේ. ඒ. අබේනායක
 
 rangageeeswaවැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන්  අටදෙනකු අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පළමු විත්තිකාර පොලිස් පරීක්‍ෂක මෝසස් නියෝමාල් රංගජීව නමැත්තා එම නඩු කටයුත්ත ආවරණය කිරීම සඳහා අධිකරණයට පැමිණ සිටි ඡුායාරූප මාධ්‍යවේදියකු අධිකරණ භූමිය තුළදීම බලහත්කාරයෙන් ඇදගෙන ගොස් අධිකරණ පොලිස් මුරපළට භාරදී තිබේ.
 
 එකී නඩුව ඊයේ (10 දා* කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබීම නිසා එය සිය මාධ්‍ය ආයතනය වෙනුවෙන් ආවරණය කිරීමට පැමිණ තිබූ ‘මව්බිම’ පුවත්පතේ ඡුායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා විත්තිකාර පොලිස් පරීක්‍ෂකවරයා සිවිල් ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණෙනු දැක සිය කැමරාවෙන් ඔහුගේ ඡුායාරූපයක් ගෙන ඇත.
 
 එම අවස්ථාවේදී ”මගේ ෆොටෝ ගන්න උඹ කවුදැයි” කියා බැණවදිමින් මැරවරයකු මෙන් එකී මාධ්‍යවේදියා වෙත කඩාපැන ඔහු පොලිස් මුරපළ වෙත ඇදගෙන ගොස් ඇත. පොලිස් මුරපළේදී තමන් ඇඳ සිටි කෝට් එක ගලවා එකී මාධ්‍යවේදියාට පහරදීමට ඔහු තැත් කළ අවස්ථාවේදී ඔහු සමග සිටි සිවිල් පුද්ගලයකු බලහත්කාරයෙන් එකී මාධ්‍යවේදියාගේ කැමරාවේ තිබූ චීපය උදුරාගෙන ඇත. ඒ පිළිබඳව එකී මාධ්‍යවේදියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරීවරයකුගේ අධීක්‍ෂණය යටතේ ඊයේ (10 දා* දිනයේම විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.
 
 තමන් ජනමාධ්‍යවේදියකු බව පවසා සිටියදීත් සිදුකළ එකී බලහත්කාරකම නිසා තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වූ බවත් එමගින් සිය රාජකාරියට බාධා සිදුවූ බවත් ‘මව්බිම’ ජනමාධ්‍යවේදියා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි.
 

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles