Divaina - නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ කුඩු කිලෝ 600ක් රස පරීක්ෂක වෙත

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 හේමන්ත රන්දුණු
 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ රුපියල් කෝටි  600කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 600 ක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඊයේ (10 වැනිදා* රැුගෙන ගොස් ඇත.
 
 මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවේ තැන්පත් කර තිබූ හෙරොයින්වලට අජිනමොටෝ සහ ලූණු කුඩු මිශ‍්‍ර කර ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඒවා මෙසේ පරීක්ෂා කිරීමට රස පරීක්ෂකවරයා වෙත රැුගෙන ගිය බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නඩු භාණ්ඩ ගබඩාව වෙත පසුගියදා (08 වැනිදා* පැමිණ ඇති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 600 කට අධික ප‍්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබිණි.
 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා හෙරොයින් එහි රාජකාරි කරන නිලධාරීන් පිරිසක් විසින් සොරාගෙන ඒවා නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කළ සිද්ධියක් අනාවරණය වීමෙන් පසු ඊට සම්බන්ධ නිලධාරීහු දහඅට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
 
 මෙම නිලධාරීන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ තිබූ හෙරොයින්වලට වෙනත් ද්‍රව්‍ය මිශ‍්‍ර කර එම හෙරොයින් සොරා ගත් බව ද අනාවරණය වී තිබිණි.


 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles