Divaina - මිනීමැරුම් තුනකට 7 දෙනෙක් එල්ලූම්ගස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 කළුතර සමූහ - විජයසිරි විiාසේකර
 
 පයාගල, මාරගහදෙණිය සහ ඉහළ වෙල්ගම ප‍්‍රදේශවල සිදුවූ මිනීමැරුම් තුනක් සම්බන්ධයෙන් නඩු විභාග අවසන් කළ කළුතර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා ඊට සම්බන්ධ චූදිතයන් හත්දෙනකුට ඊයේ (10 වැනිදා* මරණීය දණ්ඩනය නියම කළේය.
 
 ඉහළ වෙල්ගම මිනීමැරුම් නඩුවේ චූදිතයන් සිව්දෙනා මිනී මැරීමේ චෝදනාවට වරදකරුවන් බව තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරුවරයා චූදිතයන් සිව්දෙනාට මරණීය දණ්ඩනය නියම කළේය.
 
 එසේ මරණීය දණ්ඩනය නියම වූයේ අකුරුගොඩ ගමගේ උපුල් ඉන්ද්‍රජිත්, කොළඹ ආරච්චි ඉන්දික පුෂ්පකුමාර, අකුරුගොඩ ගමගේ උපේන්ද්‍ර ජයසූරිය, කංකානම්ගේ ජයශාන්ත නොහොත් රතූ යන චූදිතයන් සිව්දෙනාටය.
 
 2007 ජුලි මස 25 වැනිදා ඉහළ වෙල්ගමදී හෙට්ටිගේ පේ‍්‍රමජීව හෙවත් රජීව යන අයගේ මරණය සිදු කරන ලදැයි චෝදනා නැඟූ නීතිපති විසින් චූදිතයන් සිව්දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
 
 නඩු විභාගය ආරම්භයේදී ම චූදිතයන් චෝදනාවෙන් නිවැරදිකරුවන් බවත් ජුරි සභාවක් නොමැතිව නඩුව විභාග කරන ලෙසත් අධිකරණයෙන් අයැද සිටියේය.
 
 දීර්ඝ නඩු විභාගයකින් පසුව විනිසුරුවරයා මෙම තීන්දුව ප‍්‍රකාශ කළ අතර චූදිතයන්ගේ ඥාතීන් නඩු තීන්දුවෙන් පසුව කනගටුවට පත්වී සිටි අයුරු දක්නට ලැබිණි.
 
 පළමු හා දෙවැනි චූදිතයන් වෙනුවෙන් නීතිඥ චාරි ෆොන්සේකා මහත්මිය පෙනී සිටි අතර තුන හා හතර වැනි චූදිතයන් වෙනුවෙන් හේවගේ ලියනආරච්චි හා යොහාන් ද සිල්වා යන නිීතිඥවරු පෙනී සිටියහ.
 
 පැමිණිල්ල රජයේ නීතිඥ අජිත් බණ්ඩාර මහතා විසින් මෙහෙයවන ලදී.
 
 මේ අතර පයාගල මිනීමැරුම් නඩුවේ චූදිතයන් දෙදෙනා මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් බව තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා ඔවුන්ට ද මරණීය දණ්ඩනය නියම කළේය.
 
 මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ අන්තෝනි (36*, වසන්ත සිල්වා හා කරුණාමුණි අජිත් මේනක ද සිල්වා යන චූදිතයන්ටය.
 
 2002 ජුලි මස 19 වැනිදා පයාගලදී මුතුන්දාදුර උපුල් අජන්ත පොන්සේකා යන අයගේ මරණය සිදු කරන ලදැයි චෝදනා නැඟූ නීතිපති විසින් චූදිතයන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
 
 නඩු විභාගය ආරම්භයේදීම චූදිතයන් තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනාවන්ට නිවැරදිකරුවන් බවත් ජුරි සභාවක් නොමැතිව නඩු විභාගය පවත්වන ලෙසත් අධිකරණයෙන් අයැද සිටියේය.
 
 නීතිඥ කනිෂ්ක වන්නිඅච්චි මහතා පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටි අතර දෙවැනි චූදිත වෙනුවෙන් විරාජ් ජයනෙත්ති විනෝද් ලැනරෝල් යන නීතිඥවරුන් පෙනී සිටියහ.
 
 රජයේ නීතිඥ අජිත් බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය වීය. එමෙන්ම මාරගහදෙණිය මිනීමැරුම් නඩුවේ චූදිත මිනීමැරීමේ චෝදනාවට වරදකරු බව තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා එම චූදිතයාටද මරණ දණ්ඩනය නියම කළේය.
 
 මෙහි චූදිත වූයේ තුප්පන් රවි චන්දන් නමැත්තාය.
 
 2006-08-03 වැනිදා මාරගහදෙනියේදී කන්දසාමි රාජේන්ද්‍ර නමැත්තාගේ මරණය සිදු කරන ලදැයි චෝදනා නගා නීතිපති විසින් මේ නඩුව පවරා තිබුණි.
 
 නඩු විභාගය ආරම්භයේදී චූදිත චෝදනාවට නිවැරදිකරු බව කියා සිටියේය. පැමිණිල්ල රජයේ නීතිඥ අජිත් බණ්ඩාර මහතා මෙහෙයවූ අතර නීතිඥ මහේෂ් සිල්වා මහතා චූදිත වෙනුවෙන් පෙනී සිටියේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles