Divaina - රාඩා නඩුවෙන් ටිරාන් නිදහස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ඒ. ජේ. ඒ. අබේනායක
 
 tira135සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 123 කට ආසන්න මුදලක් සාවi සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු සියලූම අධිචෝදනාවලින් එම නඩුවේ විත්තිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිවුදෙනකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ (10 දා* නියෝග කළේය.
 
 එම විත්තිකරුවන්ට පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය ආපසු කැඳවීමට ද එහිදී නියෝග කළ විනිසුරුවරයා අධිකරණය භාරයට ගෙන තිබූ ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුගේ විදේශ ගමන් බලපත‍්‍ර ආපසු ඔවුන් වෙත භාරදීමට ද නියෝග කළේය.
 
 දෙවන විත්තිකාර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උතුරු නැගෙනහිර පළාත් මූල්‍ය අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ඇන්තනි එමිල් කාන්තන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ විවෘත වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කර එම ඉල්ලීම සිදුකරනා ලෙසට විනිසුරුවරයා එහිදී නියෝග කළේය.
 
 එම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා එම නඩුව ඊයේ (10 දා* පෙරවරු 9.30 ට මහාධිකරණය හමුවේදී කැඳවිණි.
 
 එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීමට පෙර එම නඩුවේ පළමුවන සාක්‍ෂිකාරිය වන රාඩා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ චන්‍ද්‍ර කාන්ති ප‍්‍රනාන්දු නමැත්තියගෙන් ප‍්‍රශ්න කිහිපයක් ඇසීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. එකී ඉල්ලීමට අවසර ලබා දීමෙන් පසුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‍ෂිකාරිය තමා 2006 ජුනි මස සිට 2006 දෙසැම්බර් මස දක්වා කාලය තුළදී රාඩා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරිනිය ලෙස රාජකාරි කටයුතු කළ බවත් ඉන් පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ බවත් ප‍්‍රකාශ කළාය.
 
 සිය කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකු එකී නඩුවට පාදක වූ කරුණු ඇතුළත් ලිපිගොනුවක් තමාට භාරදුන් බවත්, තමා එම ලිපිගොනුවට අත්සන් තැබූ බවත් තමාට ලබාදුන් ලිපිගොනුවේ තිබූ ලේඛන ඡුායාස්ථ පිටපත් කර උප ගොනුවක් සකස්කර තමා භාරයේ තබාගත් බවත් සාක්‍ෂිකාරිය එහිදී ප‍්‍රකාශ කළ අතර, ප‍්‍රථමයෙන් ලැබුණු ගොනුව විමර්ශන නිලධාරීන්ට භාරදුන් බව ද ප‍්‍රකාශ කළාය. රාඩා ආයතනයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා විසින් තමන්ට භාරදෙනු ලැබුවේ ඡුායාස්ථ පිටපත් ගොනුවක් බවත් එකී ලේඛනවලට අදාළ මුල් ලේඛන තමා දුටුවේ හෝ ඒවා තමන් ඉදිරියේ ඡුායාස්ථ පිටපත් කරනු නොලැබූ බවද සාක්‍ෂිකාරියය එහිදී ප‍්‍රකාශ කළාය.
 
 ඉන් අනතුරුව අධිකරණය අධිකරණ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්‍ෂි ආඥා පනතේ 154 වගන්තිය අනුව සාක්‍ෂිකාරියගෙන් ප‍්‍රශ්න කිහිපයක් ඇසීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 එකී ඉල්ලීමට විරුද්ධත්වය දක්වමින් පළමුවන විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා එකී සාක්‍ෂිකාරිය ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදෙනු ලබනුයේ නඩු පවරා වසර 13 කට පසුව බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීමට නියමිතව තිබියදී මියගිය නඩුවකට අදාළව සාක්‍ෂි ආඥා පනතේ 154 වගන්තිය යටතේ ප‍්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වනු ලැබුවේය.
 
 එකී නඩුව ස්වභාවිකව මැරිලා ද නැතිනම් මරාදමා ඇතිදැයි විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එහිදී විමසීමක් කළේය. ස්වභාවිකව මැරිලා ද නැතහොත් මරලාද යන කරුණු ගැන තමාට අවබෝධයක් නැතත් කුමන ආකාරයකින් එකී නඩුව මේ වන විට මියගොස් ඇති බැවින් දැන් කළ යුත්තේ අවසන් කටයුතු සිදුකිරිම මිස අන් දෙයක් නොවන්නේ යැයි එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා භූමදානය නොකර තවදුරටත් නඩුව පවත්වාගෙන යෑමෙන් ඵලක් නොමැති බව ද කීවේය. සාක්‍ෂිකාරියගෙන් ප‍්‍රශ්න ඇසීමට පැමිණිල්ල කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරනා ලෙසට එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා එකී විමර්ශන සිදුකළ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාට ඒ පිළිබඳව පැමිණිලි කළ පාර්ශ්වය විසින් විශාල ත්‍යාගයක් ලබා දී ඇති බව ද අධිකරණයට කීවේය.
 
 තමාට එකී කරුණු සම්බන්ධයෙන් ඵලක් නොමැති බවත්, තම අධිකරණයට එකී නඩු කටයුත්ත ඉදිරිපත් කළ අවස්ථාවේ සිට හැකි උපරිමයෙන් නඩු කටයුත්ත අවසන් කිරීමට උත්සාහ කළ බවත් එහිදී විනිසුරුවරයා පැවසීය. විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තියේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කොට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ට සාක්‍ෂිකාරියගෙන් ප‍්‍රශ්න ඇසීමට අවසර දුන්නේය. විත්තියට නඩුව අවසන් කර ගැනීමට විශේෂ හදිස්සියක් ඇති බව පෙනී යන නමුත් නීතිපතිවරයාට එලෙස කටයුතු කළ නොහැකි බව එහිදී පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එකී නඩුව ස්වභාවිකව මැරුණේ ද නැතිනම් මරා දැමුවේ දැයි නිශ්චිත කර ගැනීම සඳහා කටයුතු කිරීම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින තමාගේ වගකීම බවත්, එලෙස නොකිරීමෙන් වෙනත් නඩු කටයුතුවලට වැරදි පූර්වාදර්ශයක් ලැබිය හැකි බවත්, අධිකරණයට කීවේය. පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙන විට ස්ථාවරය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීම නීතිපතිවරයාගේ වගකීම බව ද අතීතයේ ලබාදුන් ප‍්‍රකාශ වර්තමානයේ වෙනස් වූයේ කෙලෙසදැයි විශේෂයෙන් විමසා බැලීමට අවශ්‍ය බව ද අධිකරණයට පැවැසීය.
 
 මෙම නඩුවට පාදක වූ මුල් ලේඛනවලින් ඡුායාස්ථ පිටපත් ලබාගනු ලැබූ බවත්, මුල් ලේඛනවලින් ඡායාස්ථ පිටපත් ලබාගෙන ගොනු දෙකක් සකස් කළ බවට සාක්‍ෂිකාරිය විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන්ට ප‍්‍රකාශ ලබාදීම සිදුකළේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී සාක්‍ෂිකාරියගෙන් විමසා සිටියේය.
 
 රාඩා ආයතනය භාරයේ තිබූ මුල් ලේඛනවලින් ලබාගත් ඡුායාස්ථ පිටපත් මත එකී ගොනු සකස් කළ බවට විමර්ශන නිලධාරීන්ට ප‍්‍රකාශ ලබාදීම සත්‍යයක් දැයි එහිදී සාක්‍ෂිකාරියගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටි අතර තමා මුල් ලේඛන ලෙස අදහස් කරනු ලැබුයේ තමා සන්තකයේ තිබූ ඡුායාස්ථ පිටපත් ගොනුව වන්නේ යැයි එහිදී ප‍්‍රකාශ කළ සාක්‍ෂිකාරිය මුල් ලේඛන බව සටහන් යොදා තමා අත්සන් කළ බව පිළිගත්තාය.
 
 කුමන පාසලින්, කුමන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්‍ෂිකාරියගෙන් විමසා සිටි අතර කොළඹ ප‍්‍රධාන පෙළේ බාලිකා විiාලයකින් උසස් පෙළ දක්වා අධ්‍යාපන ලැබූ බව සාක්‍ෂිකාරිය ප‍්‍රකාශ කළාය.
 
 මුල් ලේඛන රාඩා ආයතනය භාරයේ ඇති බවට සාක්‍ෂිකාරිය පෙර ලබාදුන් ප‍්‍රකාශ අනුව ගම්‍ය වන බවත් මුල් ලේඛන යන අර්ථය වනුයේ ඡුායාස්ථ පිටපත් නොවන බව සිහිබුද්ධිය ඇති ඕනෑම අයකුට වැටහෙන බවත්, එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඇය විසින් ලබා දුන් ප‍්‍රකාශ හය ඇතුළු සෙසු සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි හා සෙසු ලේඛන සලකා බලමින් බැලූ බැල්මට සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කළ හැකි වැරදි සිදුකළ බවට නිගමනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව එකී අධි චෝදනා පත‍්‍රය ගොනුකළ බව ද අධිකරණයට කීවේය. එසේ නමුත් පසුගිය 8 වැනිදා සාක්‍ෂිකාරිය අධිකරණය හමුවේ සාක්‍ෂි ලබා දෙන විට ඇයගේ ස්ථාවරයේ වෙනසක් ඇති බවට පෙනී ගිය බවත් ඇය ලබා දී ඇති සාක්‍ෂි හා විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇති ප‍්‍රකාශ අධ්‍යයනය කර ඉදිරියේදී ඇයට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමට අපේක්‍ෂා කරනා බවත්, එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙකී තත්ත්වය අනුව විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමට අපේක්‍ෂා නොකරන බැවින් නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු අනුව නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමේ සාධාරණ අවස්ථාවක් නොලැබෙන බව පෙනී යන බැවින් හා පැමිණිල්ලේ ඉල්ලීම යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියට අයුතු ලෙස මැදිහත්වීමක් හෝ අනීතික ඉල්ලීමක් නොවන බව පෙනී යෑම නිසා එකී ඉල්ලීමට අවසර ලබා දෙන බව විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
 
 නීතිඥ බුද්ධික චන්‍ද්‍රසේකර, ශාලික ගුණවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පළමුවන විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ශවේන්‍ද්‍ර ප‍්‍රනාන්දු, ශානක රණසිංහ, ලක්‍ෂ්මන් පෙරේරා, ඇන්ටන් ප‍්‍රවිදනායගම් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles