Divaina - අතින් කෑලි දාලා බොරු කියන්න එපා... දේශපාලන පළිගැනීම් සොයන ජනපති කොමිසමේ සභාපති සී.අයි.ඞී.යේ හිටපු සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරාට කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


  ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 tiersපසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ ඊයේ (10 වැනිදා* සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මහතාට එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කිහිප අවස්ථාවකදීව දැඩිව අවවාද කළේය.
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබූ ප‍්‍රකාශයක් ගැන ඊයේ කොමිෂන් සභාව මගින් ප‍්‍රශ්න කළ අවස්ථාවේ ඊට සාක්ෂිකරු ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කළ කොමිසමේ සභාපතිවරයා මෙසේ සාක්ෂිකරුට කිහිප විටක්ම අවවාද කළේය. ‘‘අසත්‍ය ප‍්‍රකාශ කරන්න එපා. මම තමුන්ට දැඩිව අවවාද කරනවා අතින් කෑලි දාන්න එපා’’ යැයි කොමිසමේ සභාපතිවරයා සාක්ෂිකරු අමතමින් කීවේය.
 
 තවත් ඇතැම් අවස්ථාවලදී අසන ලද ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් සාක්ෂිකරු වෙනත් කරුණු පැහැදිලි කිරීම් සිදු කිරීමට යෑම නිසා කොමිසමේ සභාපතිවරයා සාක්ෂිකරුට ‘‘අහන ප‍්‍රශ්නයට උත්තතර දෙන්න’’ යැයි සඳහන් කරමින් කිහිප විටක්ම අවවාද කරනු දක්නට ලැබිණි.
 
 හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීත්‍යනුකූල නොවන ලෙස පරීක්ෂණ පවත්වා නඩු පැවරීමට එරෙහිව පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලට අදාළ පරීක්ෂණයේදී සාක්ෂි විභාගය ඊයේ පැවැත්විණි. ඒ අනුව ඊයේ කොමිසම ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මහතා සාක්ෂි ලබා ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා තිබිණි.
 
 ඊයේ සාක්ෂි විභාගයේදී නඩුවක් හැ¥ බව සාක්ෂිකරු විසින් ප‍්‍රකාශ කළ විට නඩුවක් හැදීමත් කරුණු විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කිරීමත් යනු කරුණු දෙකක් බව ද සාක්ෂිකරු අමතමින් සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.
 
 හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ කරුණු අසම්පූර්ණ බව ද එහි දිනයක් සඳහන්ව නැති බව කොමිෂන් සභාවේ සභාපතිවරයා අසන ලද ප‍්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු පිළිගත්තේය.
 
 කොමිසම ඊයේ (10 වැනිදා* උදේ 10.30 ට පමණ එහි සභාපති උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස් විය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles