Divaina - විදුලි ඒකක 90 දක්වා සහන සැලස්ම ප‍්‍රමාණවත් නෑ..... පොහොට්ටුව ආණ්ඩුව අරන් මාස අටෙන් රට බංකොළොත් කළා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

චමින්ද සිල්වා
 
ranadආණ්ඩුව විදුලි ඒකක 90 දක්වා සහන සැලසීමට ගෙන ඇති පියවර කිසිසේත් ප‍්‍රමාණවත් නැති බවත්, අවම වශයෙන් ඒකක සියයත් එකසිය පනහත් (100 -150* අතර සහනයක් ජනතාවට ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මහර දී පැවසීය.
 
 පසුගිය මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාසවල විදුලි බිල්පත්වලට සහනයක් දීම සම්බන්ධව කිසිවක් ප‍්‍රකාශ නොකර නිහඬව සිටි ආණ්ඩුව තමන් ඒ ගැන කතා කළ නිසා දැන්
 
 විදුලි බිලේ සහනය ගැන කතා කරන බව වික‍්‍රමසිංහ මහතා සිහිපත් කළේය. රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෙරේදා (09 දා* මහර මැතිවරණ කොට්ඨාසයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.
 
 මහර එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක ගම්පහ දිස්ත‍්‍රික් මැතිවරණ අපේක්ෂක අර්ජුන රණතුංග මහතා විසින් සංවිධානය කළ මෙම ජනහමුව කඩවත, කිරිල්ලවල ‘වයිට් පැලස්’ හිදී පැවැති අතර ඊට බියගම එ.ජා.ප. සංවිධායක රුවන් විජේවර්ධන මහතා ප‍්‍රමුඛ ගම්පහ දිස්ත‍්‍රික් එ.ජා.ප. මැතිවරණ අපේක්ෂකයෝ සියලූ දෙනාම සහභාගිව සිටියහ.
 
 එම ජනහමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
 
 පසුගිය මාස කීපයේ එකතු වී තිබෙන විදුලි බිලට අපේ ආණ්ඩුවක් යටතේ සහනයක් ලබාදෙන බව මා ප‍්‍රකාශ කළා. මම ඒ ප‍්‍රකාශය කළාට පසු විදුලි බිලට සහනයක් දෙන බව ආණ්ඩුව ප‍්‍රකාශ කර තිබෙනවා. බලයට පැමිණීමට පෙර මෙලෙස මා එක පොරොන්දුවක් ඉටුකර තිබෙනවා. බලයට පැමිණි පසු ඉතිරි ප‍්‍රශ්න ටික විසඳා දිය හැකියි.
 
 ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල ගැළපුමට අනුව විදුලි බිල සකස් කළ යුතුයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සියයට පනහකින් (50%* අඩුවී තිබෙනවා. ඒ සහනය මෙරට ජනතාවට ලබා නොදෙන්නේ ඇයි දැයි මා මේ ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරනවා. ඉන්ධන මිල අඩුවීමට අනුව විදුලි බිල සකස් කරනවා නම් ඒ සහනය ජනතාවට ලැබෙනවා.
 
 විදුලි ඒකක 90 ක් දක්වා සහන සැලසීම කිසිසේත් ප‍්‍රමාණවත් නැහැ. ඒ සහනය ඒකක 100 - 150 දක්වා ලබාදිය හැකියි. එසේ කරන්න බැරිනම් ඊට හේතුව ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. ඒකක 90 පුංචි ගණනක්. එය රූපවාහිනි යන්ත‍්‍රය නැරඹීමට ප‍්‍රමාණවත් වෙනවා. වෙනත් දෙයක් කරන්න බැහැ.
 
 එකතු වී තිබෙන විදුලි බිල ගෙවන්නේ නැතිනම් විදුලිය විසන්ධි කරන බව පසුගිය සතියේ ප‍්‍රකාශ කළා. එසේ නම් දැන් විදුලි බිලට සහනයක් දෙන බව ප‍්‍රකාශ කරන්නේ කොහොමද? එයින් ආණ්ඩුව ජනතාවට බොරු කරන බව පැහැදිලි වෙනවා.
 
 මා විදුලි බිල ගැන කතා කළ නිසා ආණ්ඩුව පිං කැටෙන් සොරකම් කිරීමට ගත් උත්සාහය රටට හෙළිවුණා. ජල
 
 බිල ගැන තවම කතාවක් නැහැ. ජල බිලත් අඩු කළ යුතුයි. එය කළ නොහැකි නම් ඊට ප‍්‍රධාන හේතුව පොහොට්ටු පාලනයේ ඇති බංකොළොත් බවයි. එය අද ප‍්‍රදර්ශනය වෙනවා.
 
 පොහොට්ටු ආණ්ඩුව බලයට පැමිණ මාස අටක් තුළ රට බංකොළොත් කළා. අද මේ ආණ්ඩුවට කිසිම ආදායමක් නැහැ. ඒ නිසා සෑම තැනකින්ම මුදල් සොරකම් කරන්න උත්සාහ කරනවා.
 
 අද මේ රටේ ජනතාවගේ ආදායම් මාර්ග බිඳවැටිලා, ඒ ජනතාව අසරණ වෙලා. එලෙස ජනතාවගේ බඩට පහරවැදී ඔවුන් අසරණ වී සිටින අවස්ථාවක විදුලි බිල්, ජල බිල් ගෙවන්න කියමින් ආණ්ඩුව කිසිදු ලැජ්ජාවක් නැතිව බල කරනවා.
 
 විදුලි බිල සම්බන්ධව ඉංජිනේරු මහත්වරුන් සමග සාකච්ඡුා කළ යුතු බව එක්තරා ඇමැතිවරයෙක් අද
 
 ප‍්‍රකාශ කර තිබෙනවා. මෙය හරි අරුම පුදුම කතාවක්. ඕනෑම විදුලිබල සමාගමක ගිණුම් පරීක්ෂා කර බලා විදුලි බිල සකස් කළ හැකියි. ඒ අනුව විදුලි බිල අඩු වැඩි කළ හැකියි. විශාල වශයෙන් මිල අඩු කරනවා නම් ඒ ගැන අනෙකුත් අංශ සමග සාකච්ඡුා කළ යුතුයි.
 
 කොරෝනා වෛරසය නිසා පීඩාවට පත්ව සිටි රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අරමුදල්වලට මුදල් කපාගනු ලැබුවා. මෙලෙස මුදල් කපා ගැනීමේදී ඒ සඳහා එම සේවකයන්ගේ අනුමැතිය ගත්තේ නැහැ. ඔවුන්ගෙන් විමසුවේ නැහැ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය සේවකයන්ට සිංහල, දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගෙවනු ලබන උත්සව දීමනාව මෙවර ලැබුණේ නැහැ.
 
 1977 සිට මේ දක්වා මා මැතිසබය නියෝජනය කරනවා. එදා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා මේ රට වෙනුවෙන් ආරම්භ කළ ශීඝ‍්‍ර සංවර්ධනය මා දුටුවා. වෙළෙඳ කලාප, මහවැලි ව්‍යාපාරය, නිවාස සංවර්ධනය, මංමාවත් ඉදිකිරීම, ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල, අනෙකුත් ආයතන, මහපොළ ශිෂ්‍යත්ව ක‍්‍රමය ඇති කළා. මේ ආකාරයට විශාල වැඩ කොටසක් සිදුකළා. මේ සියලූ කටයුතු සිදුකළේ රාජ්‍ය සේවකයන් නිසා බව කිව යුතුයි.
 
 2001 මා ආණ්ඩුව ගත් අවස්ථාව වන විට රට ප‍්‍රශ්න
 
 රැුසකට මුහුණ පා සිටියා. රටේ සංවර්ධනය ඇණහිට තිබුණා. සංවර්ධනය අඩාල වුණා. ආර්ථිකය සෘණ අගයක් දක්වා පහත වැටුණා. මේ සියලූ අභියෝග අපට ජයගත හැකි වූයේ රජයේ සේවකයන් නිසයි.
 
 2015 වසරේ අපි ආණ්ඩුව පිහිටුවන අවස්ථාව වන විට රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමකට ලක්ව තිබුණා. අප බලයට පත්වන විට මේ රට කොතෙක් ආර්ථික පීඩාවන්ට පත්ව තිබුණේද කියනවා නම් රටක් වශයෙන් ලබාගෙන තිබූ ණයවලින් වාරිකය ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව තිබුණා. වසරක් තුළ පැවැති අභියෝග ජය ගැනීමට අපට හැකි වුණේ රාජ්‍ය සේවකයන්ගෙන් ලැබුණ සහයෝගය නිසයි.
 
 අද අප කළ යුත්තේ ජනතාව අතට මුදල් ලැබෙන ක‍්‍රමවේදයක් සකසා ඔවුන් පත්ව සිටින ජීවන බරින් මුදා ගැනීමයි. ජනතාව අතට ලැබෙන මුදල් වියදම් කිරීම තුළින් මේ කඩසාප්පු තවත් දියුණු වෙනවා. පසුගිය සිංහල දෙමළ අලූත් අවුරුදු සමයේ මේ ව්‍යාපාර සියල්ල වසා දැමීමට සිදුවුණා. මේ නිසා පදික වෙළෙඳාමේ නිරත වන අයගේ සිට සෑම කෙනකුගේම ආදායම් මාර්ග කඩා වැටුණා. අද වනතෙක් ඔවුන්ට තම ව්‍යාපාර නඟාසිටුවා ගෙන ඉදිරියට යෑමට උදව් උපකාර කර නැහැ.
 
 අද පවතින මේ ආර්ථික අර්බුදය මාස තුනකින් අවසන් වන්නේ නැහැ. එය මාස හයකින් අවසන් වෙන්නේ නැහැ. මේ අර්බුදය වසර දෙකකින් අවසන් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රකාශ කරනවා. වෙනත් අය අවුරුදු තුනක් පවතින බව කියනවා. මේ තත්ත්වය සමග ජනතාවට ජීවත් විය හැකිද යන ප‍්‍රශ්නය අද මතුව තියෙනවා.
 
 රටේ ආර්ථිකය ආරක්ෂා කරමින් එය ගොඩන`ගමින් ඔබේ ආර්ථිකය දියුණු කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. පොහොට්ටුවට මෙය කළ නොහැකි බව දැන් මාස අටක් තිස්සේ ඔප්පු කර තිබෙනවා.
 
 ලෝකයේ වෙනත් රටවල ආණ්ඩු ජනතාවගේ ජීවන බර අඩු කිරීමේ උත්සාහයක නිරතව සිටිනවා. ඒ අනුව ජනතාවට කුමන ක‍්‍රමයකටද සහන සලසන්නේ කියා එම රටවල් කල්පනා කරනවා. ඇමෙරිකානු රජය තම සේවකයන් වෙනුවෙන් වැටුපෙන් හතරෙන් එකක් ලබා දෙනවා. එහෙමත් නැතිනම් අවුරුදු පහක පොලී රහිත ණය ලබා දෙනවා. අපේ රජයට ඒ සියල්ල කිරීමට නොහැකි වුවත් ජනතාවට යම් සහනයක් දීමට හැකිවිය යුතුයි. ඇමෙරිකාවේ පමණක් නොව ජර්මනිය, ජපානය, චීනය වැනි රටවල් තම ජනතාවට එලෙස උදව් කරනවා.
 
 නමුත් අවාසනාවකට මෙන් අපේ රටේ ජනතාවට ආණ්ඩුව කුමක්ද ලබාදී තිබෙන සහනය. කිසිදු සහනයක් දී නැහැ. ඇඟලූම් කර්මාන්ත ශාලාවල සේවකයන් රඳවා
 
 ගැනීමට උදව් කර නැහැ. රටේ වෙනත් කර්මාන්ත ශාලාවලට උදව් කර නැහැ. ස්වයං රැුකියා ලාභීන්ට, ත‍්‍රිරෝද රථ ක්ෂේත‍්‍රයට, වෙළෙඳ ක්ෂේත‍්‍රයට ඒ කිසිම ක්ෂේත‍්‍රයකට සහනයක් ලබාදී නැහැ.
 
 අද මේ රටේ ජනතාව තමන්ට මුහුණ දීමට සිදුව ඇති මේ සැබෑ ප‍්‍රශ්න දෙස තම අවධානය යොමුකළ යුතුයි. තම ගෙදර ආර්ථිකය ගැන කල්පනා කළ යුතුයි. රටේ ආර්ථිකය හදන්න පෙර ගෙදර ආර්ථිකය ගොඩනැඟිය යුතුයි.
 
 අද මේ රටේ විශාල විදේශ විනිමය හිඟයක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මේ ආණ්ඩුවට නොදුන්න ඩොලර් මිලියන 6000 අරගෙන දෙන්න මම ලෑස්තියි. ඒ මුදල ලැබෙනවා නම් ලංකාවේ රුපියල ශක්තිමත් කිරීම අපහසු වන්නේ නැහැ.
 
 අද මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කර තිබෙනවා. තව ටික කාලයක් මේ පාලනය පැවතුණොත් ගෙදර ආර්ථිකයද සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා. අද මේ රටේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදී රට ගොඩගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ සඳහා විසඳුම් මට නැත්තම් මම මෙලෙස මේ ගැන කියන්නෙවත් නැහැ.
 
 ඒ නිසා ගෙදර ආර්ථිකය ආරක්ෂා කර ඔබේ බර අඩුකර ගන්න. ඔබට සහනයක් ලබාගන්න අගෝස්තු 05 වැනිදා ඡුන්දපළට ගොස් අලියා ඉදිරියෙන් කතිරය ගසා එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරවන ලෙස සියලූ පාර්ශ්වයන්ගෙන් මා ඉල්ලා සිටිනවා.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles