Divaina - ලබන වසරේ ජුලි 6දා ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවතට.. ජනපති ට‍්‍රම්ප් එජා සංවිධානයට හා කොංග‍්‍රස් මණ්ඩලයට දැනුම් දෙයි

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ඒමන්ති මාරඹේ
 
 whosssඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් 2021 වසරේ ජුලි මස 06 වැනිදා ඉවත් කර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.
 
 චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙන කොරෝනා වසංගතය පැතිර යන අවස්ථාවේදී එහි තොරතුරු චීනයේ ඉල්ලීම මත වසන් කිරීම හා චීනයේ පාලනයට යටත්ව කටයුතු කිරීමේ චෝදනා මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට මුල් වූ හේතු ලෙස ජනාධිපති ට‍්‍රම්ප් විසින් පෙන්වා දී තිබේ.
 
 ඇමරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් තම රට ලබන වසරේ සිට ඉවත් කර ගන්නා බව නිල වශයෙන් දැනුම් දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ
 
 ප‍්‍රකාශක ස්ටෙෆාන් ඩුජරික් විසින් සනාථ කර තිබේ. ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩලයද නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත්වීම පිළිබඳ දැනුම්දීමක් ලැබී ඇති බව තහවුරු කර තිබේ.
 
 ජනාධිපති ට‍්‍රම්ප් ඉකුත් මැයි මාසයේදී පළමු වරට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත් කර ගන්නා ප‍්‍රකාශ කළේය. රටවල් 194 ක් සාමාජිකත්වය දරන ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන අරමුදල් කපා හරින බවටද ඔහු විසින් නිවේදනය කර තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයට සැපයෙන අරමුදල්වලින් බහුතරය ඇමරිකාව විසින් සපයනු ලබයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles