Divaina - විදෙස් රැකියා අහිමිවීමේ හානිය නොතකා ජීවිත ආරක්‍ෂාවට මුල් තැන දීමි රජයේ අරමුණයි - ජනපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

Gota3කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තිය සමඟ විදෙස්ගත ශ‍්‍රමිකයන් මව්රටට පැමිණීමෙන් සේවා නියුක්ති ව්‍යුහයට වන බලපෑම පසෙකලා සියලූ දෙනාගේ ජීවිත ආරක්‍ෂාවට මුල්තැන දීම තම අරමුණ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

‘‘කොවිඞ් 19 සහ වැඩ කරන ලෝකය - වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම’’ තේමා කරගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අන්තර්ජාලය ඔස්සේ ඊයේ ඇමතූ ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ජූලි 01 වැනිදා සිට 09 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි කම්කරු සංවිධාන මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සමුළුවේ රාජ්‍ය නායක දිනය ඊයේ (08දා) යෙදී තිබිණි. රටවල් රැුසක නායකයෝ තම රටවල සිට අන්තර්ජාලය ඔස්සේ සමුළුව ඇමතූහ.

සේවකයන්, සේවා යෝජකයන් සහ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වය සහිත විශාලතම ධබකසබැ සමුළුව මෙයයි.

පශ්චාත් කොවිඞ් සමයේ ‘‘වැඩ ලෝකය’’ යථා තත්ත්වයට පත්කර ගන්නේ කෙසේද යන්න සාකච්ඡුා කිරීමට රාජ්‍ය නායකයෝ මෙය වේදිකාවක් කර ගත්හ. සේවා නියුක්තිය වඩා ඵලදායී ලෙස භාවිත කරන්නේ කෙසේද, වසංගතයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති කණ්ඩායම් වලට සහය විය හැකි ආකාරය සහ 2030 එක්සත් ජාතීන්ගේ න්‍යායපත‍්‍රයේ ඇති ඉලක්ක සපුරා ගැනීමට අන්තර්ජාතික ප‍්‍රජාව එක්ව කටයුතු කරන්නේ කෙසේද යන්න සාකච්ඡුාවට ලක්කෙරිණ.

කොවිඞ් 19 වසංගතයට එරෙහිව ලෝ වැසි සියලූ දෙනා සටන් වැද සිටින සංවේදී කාල පරිච්ෙඡ්දයක ‘‘වැඩ ලෝකය’’ නොබිඳී පවත්වාගෙන යාමට සියලූ රටවල් ගත් උත්සාහය තමා අගය කරන බව ජනාධිපතිවරයා කීය.

පවතින තත්ත්වය මත සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් ඇති රටවලද ‘‘වැඩ ලෝකය’’ එක සේ සුවිසල් ප‍්‍රතිසංවිධානයකට ලක්ව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඞ් වසංගතය ගෝලීය ආර්ථිකයට කළ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනයෙන් මෙරට ශ‍්‍රම බළකාය ආරක්‍ෂා කර ගැනීමට විශේෂ අවධානය යොමු කළ බවද ජනාධිපතිවරයා පැවැසීය.

ශ‍්‍රී ලංකාවේ නිපුණතා අංශය, පශ්චාත් කොවිඞ් 19 වකවානුවට අනුරූප වන අයුරින් නැවත හැඩගැස්වීම කළයුතු බවත් අර්බුදය නිසා රැුකියා අහිමිවූවන් බලගැන්වීම සඳහා වන වැඩ සැලැස්මෙන් සේවක නිපුණතා යළි පෙළගැස්වීම හා විධිමත් කිරීම සපුරාගනු ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ලසිත දුමින්ද

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles