Divaina - බෝම්බයක් හදද්දී පුපුරා තුවාල ලැබූ හිටපු කොටි සාමාජිකයා මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

re1 4කිළිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප‍්‍රදේශයේදී බෝම්බයක් සවි කිරීමට ගොස් එය පුපුරා යෑමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ඊයේ (8දා* උදෑසන අනුරාධපුර රෝහලේදී මිය ගොස් තිබේ.

ඔහු තුවාල ලැබීමෙන් පසුව මුලින්ම කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළ අතර ඉන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කොට තිබුණි.

වයස අවුරුදු 44ක් වූ ඔහු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ කටයුතු කොට යුද හමුදාවට භාර වීමෙන් පසුව රජයේ පුනරුත්ථාපන ක‍්‍රියාවලිය යටතේ පුනරුත්ථාපනය වූවෙකි.

නිවසේදී බෝම්බය පිපිරීමෙන් පසුව පොලිසිය කළ සොයා බැලීමකදී නිවසේ තිබූ තවත් බෝම්බ තුනක් හා පුපුරන ද්‍රව්‍ය තොගයක්ද බෝම්බ පිපිරවීම ස`දහා යොදා ගන්නා බැටරි ඇතුළු උපකරණ ද සොයා ගැනීමට හැකි විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරි`ද සහ තවත් අයකු පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles