Divaina - සරම්ප සහ රුබෙල්ලා රටින් තුරන් කර ශී‍්‍ර ලංකාව කප් ගහයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

re1 7ශ‍්‍රී ලංකාව හා මාලදිවයින රුබෙල්ලා (ජර්මන් සරම්ප) හා සරම්ප යන රෝග ඒවා තුරන් කිරීමට නියම කර ඇති වසරට පෙර තුරන් කළ අග්නිදිග ආසියාවේ ප‍්‍රථම රටවල් දෙක වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (08දා) නම් කරනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රුබෙල්ලා හා සරම්ප යන රෝග තුරන් කිරීමට නියම කර තිබුණේ වසර 2023 වන විටදීය. රටක සමස්ත ජනගහනයම නිරෝගී කිරීමේ අරමුණ කරා යෑමේ වැදගත් පියවරක් ලෙස මෙම මාරාන්තික රෝග දෙකෙන් ළමුන් ආරක්ෂා කිරීම දැක්විය හැකි බව ශ‍්‍රී ලංකාව හා මාලදිවයින විසින් අත්පත් කරගෙන ඇති මෙම ජයග‍්‍රහණය පිළිබඳව ප‍්‍රශංසා කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනම් කෙත‍්‍රපාල් සිං පවසන්නීය.

මෙම නිවේදනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇත්තේ පස්වැනි සරම්ප හා රුබෙල්ලා තුරන් කිරීම පිළිබඳ අග්නිදිග ආසියාතික කොමිසම් රැුස්වීමේදීය.

ශ‍්‍රී ලංකාවෙන් අවසන් රුබෙල්ලා රෝගියා වාර්තා වී ඇත්තේ 2017 වසරේ මාර්තු මාසයේදී වන අතර අවසන් සරම්ප රෝගියා 2016 වසරේ මැයි මාසයේදී වාර්තා වී තිබේ. මාලදිවයිනෙන් අවසන් රුබෙල්ලා රෝගියා 2015 ඔක්තෝබර් මාසයේද අවසන් සරම්ප රෝගියා 2009 වසරේද වාර්තා වී තිබේ.

ඒමන්ති මාරඹේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles