Divaina - තවත් නාකොටික් පී.සී කෙනෙක් අත්අඩංගුවට - මේ වන විට 18 ක් ඇතුළේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

re1 3පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග හොර රහසේම නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත අලෙවි කළ බව කියන චෝදනා මත එම කාර්යාංශයේ රාජකාරි කරන තවත් පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (07 වැනිදා) රාත‍්‍රියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා අත්අඩංගුවට ගැනීමත් සමඟම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ රාජකාරි කරන පොලිස් පරීක්‍ෂකවරයකු, උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු නිලධාරීන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණේ රාගම ප‍්‍රදේශයේ සැඟවී සිටියදීය.

අත්අඩංගුවට ගන්නා හෙරොයින් වලට එම්එස්ජී වර්ගයේ රසකාරක සහ ලූණු කුඩු එකතු කර හෙරොයින් තොග සොරාගෙන ඒවා නැවත හෙරොයින් ජාවාරම්කාරයන්ට අලෙවි කළ බවට මෙම නිලධාරියා වෙත චෝදනා එල්ල වී තිබුණු බවද පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles