Divaina - ජුනි මාසයේ අපනයනවලින් ඩොලර් මිලියන 950ක ආදායමක් මේක වී ටර්න් එකක් - බැසිල් රාජපක්‍ෂ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 2කොවිඞ් 19 ව්‍යසනය සාර්ථකව පාලනය කිරීමෙන් පසු අප රටේ ජුනි මාසයේ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 950ක ආදායමක් ලබා ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 06 - පිිටුවට

කොවිඞ් උවදුරත් සමග මෙය අප රට ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවත්, අපේ‍්‍රල් මාසයේ අප ලැබූ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 250ක් දක්වා අඩුවී තිබූ බවත් හෙතෙම පැවසීය.

මෙය යූ ටර්න් එකක් නොව වී ටර්න් එකක් මෙන් ඉතා ඉහළ මට්ටමකට පැමිණීමක් බවත්, 2019 ප‍්‍රමාණයෙන් සියයකට 90 කට ආසන්න ප‍්‍රමාණයක් නැවත අත්පත් කරගැනීමට හැකි වූ බවත් බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (8දා) පැවති මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කළේය.

අනුර බාලසූරිය

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles