Divaina - දුරකථනයේ කොළපාට භාවිතය නතර කරන්න - එජාපය මැකොට පැමිණිලි කරයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

re1සමගි ජනබලවේගයේ වර්ණය නිල් පැහැය වුවද, එහි අපේක්‍ෂකයන් එක්සත් ජාතික පක්‍ෂයේ වර්ණය වන කොළ පැහැය භාවිත කිරීම වහාම වළක්වන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇත. 06 - පිිටුවට

එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිසමේ සභාපති වෙත ඊයේ (08 දා) ලිඛිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවේ 1.2 අනු ව්‍යවස්ථාව අනුව පක්‍ෂයේ වර්ණය කොළ පාට වේ. සමගි ජනබලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව එම පක්‍ෂයේ වර්ණය නිල් පාට වේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තම ප‍්‍රචාරක කටයුතු සිදු කිරීමේදී සමගි ජනබලවේගය පක්‍ෂය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ වර්ණය වන කොළ පාට භාවිත කරමින් සිටී.

මේ අනුව පෙනී යන්නේ සමගි ජනබලවේගය පක්‍ෂයේ වර්ණය වන නිල් පාට වෙනුවට කොළ පාට භාවිත කිරීම චේතනාන්විතවම එක්සත් ජාතික පාක්‍ෂිකයන් නොමඟ යැවීම සඳහා සිදුකරන්නක් වන බවයි.

සමගි ජනබලවේගය පක්‍ෂය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ නිල වර්ණය වන කොළ පාට භාවිත කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට බරපතළ අගතියක් සිදුකරයි.

එම නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කර එක්සත් ජාතික පක්‍ෂයේ වර්ණය සමගි ජනබලවේගය පක්‍ෂය විසින් භාවිත කිරීම වළක්වාලීමට අවශ්‍ය කඩිනමින් පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

අකිත පෙරේරා, චමින්ද සිල්වා
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles