Divaina - රට පුරා සියලූ බන්ධනාගාරවල රැඳවියන් බැලීමට ඉඩ දීම නවතී - වැලිකඩ අයි වාට්ටුවෙන් මොනරාගලට යැවූ තුන් දෙනකුත් රෝහලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

re1 5වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැු`දවියකුට කොරෝනා රෝගය වැළඳි ඇති බවට පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වීමත් සමග ඊයේ (08දා) සිට රටපුරා සියලූම බන්ධනාගාරවල රැු`දවියන් බැලීම ස`දහා ඥාතීන්ට අවස්ථාව ලබාදීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

කොරෝනා ආසාදිතයා හමු වූ අයි වාට්ටුවේ සිටි තවත් රැු`දවියන් අට දෙනකු පමණ ඉකුත් දිනවල විවිධ බන්ධනාගාරවලට මාරුකර යවා ඇති අතර, ඒ අයුරින් මොනරාගල බන්ධනාගාරයට මාරුකර යැවූ රැු`දවියන් තිදෙනකු ඊයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මොනරාගල රෝහලට ඇතුළත් කර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව කියන මෙම රැු`දවියන් තිදෙනාගේ රෝගී තත්ත්වය කුමක්ද යන්න ඊයේ පස්වරුව වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමග වැලිකඩ බන්ධනාගාරයේ අයි වාට්ටුවේ ර`දවා සිටි රැු`දවියන් 189 දෙනකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට බන්ධනාගාර බලධාරීන් පෙරේදා (07 වැනිදා) රාති‍්‍රයේම කටයුතු කර තිබුණු අතර යුද හමුදා ආරක්‍ෂාව යටතේ බන්ධනාගාර බස් රථවලින් ඔවුන්ව පූනානි වෙත රැුගෙන ගොස් ඇත. මෙම රැු`දවියන් 189 දෙනාගේ රැුකවල් සඳහා බන්ධනාගාර නිලධාරියකු ඇතුළු නියාමකවරුන් හත් දෙනකු යොදවා තිබේ.

එසේම අයි වාට්ටුව ආශ‍්‍රිතව රාජකාරි කළ බන්ධනාගාර ජේලර්වරයකු සහ නියාමකවරුන් අටදෙනකු නිරෝධායනය ස`දහා රාජගිරිය ආයුර්වේද රෝහල වෙත යොමු කිරීමට ද බන්ධනාගාර බලධාරීන් කටයුතු කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ ර`දවා සිටියදී ඉකුත් ජුනි 26 වැනිදා සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ සියලූමදෙනා පීසීආර් පරීක්‍ෂණවලට යොමු කර වෙනම ර`දවා තබන ලෙසද බන්ධනාගාර මූලස්ථානය ඊයේ සියලූම බන්ධනාගාර අධිකාරීවරුන්ට දැනුම් දී ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ ර`දවා සිටි රැු`දවියන් සහ නිලධාරීන් පිරිසක් බන්ධනාගාර රෝහල තුළදී ඊයේ පීසීආර් පරීක්‍ෂණවලට ලක් කළ බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.

එම පරීක්‍ෂණවල වාර්තා ඊයේ පස්වරුවේ ලැබීමට නියමිතව තිබිණි. කොරෝනා වෛරසය ආසාදනය වූ රැු`දවියා ර`දවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ අයි වාට්ටුවේ ඔහු සම`ග සිටි වෙනත් රැු`දවියන් සිය දෙනකු පමණ පසුගිය දිනවල නිදහස ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි හෙළි වී තිබේ. ඒ අනුව ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමට සෞඛ්‍ය අංශ ඊයේ වන විට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර තිබිණි.

සමන් ගමගේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles