Divaina - උණ තිබුණොත් ඡන්දය අන්තිමට - ඡන්ද මධ්‍යස්ථානවලට කොවිඞ් සම්බන්ධීකරණ නිලධාරීන් - විශෙෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැ.කො.ට කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

covid1කොවිඞ් 19 වසංගත තත්ත්වය තුළ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කොවිඞ් වසංගතයෙන් ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා කොරෝනා ජාතික සම්බන්ධීකරණ නිලධාරියකු පළාත් සම්බන්ධීකරණ නිලධාරීන් 9 දෙනෙකුද දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් 26 දෙනෙකු යටතේ සෞඛ්‍ය නිලධාරීන් 10066 දෙනෙකු ඡුන්ද මධ්‍යස්ථානවල රාජකාරිවල නිරත කරවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිසමට උපදෙස් දී ඇත.

ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරුන් හා ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂවරයා යටතේ වසංගත රෝගවේදීන් 26 දෙනෙකුද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 700ක්ද රාජකාරියේ යොදවන ලෙස එම උපදෙස් මාලාවේ දැක් වේ.

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු 350 ක්ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු 1600 ක්ද පරිපාලන මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 700 ක්ද පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 700 ක්ද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 5800 ක්ද මැතිවරණ රාජකාරි කටයුතුවල යොදවන ලෙසද එම වාර්තාවේ දැක් වේ.

මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ද පොලිස් නිලධාරීන්ද ඡුන්දය දැමීමට පැමිණෙන මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ කි‍්‍රයාත්මක කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ දැක් වේ.

මේ අතර උණ රෝගයෙන් පෙළෙන ඡන්දදායකයන් සඳහා විශෙෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිසමට දන්වා ඇත. ශ්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝග ඇතිව හෝ නොමැතිව උණ රෝගය ඇති ඡුන්ද දායකයන් ඇතොත් ඔවුන් ඡුන්ද ප‍්‍රකාශ කළ යුත්තේ ඡුන්දවාරයේ අවසාන ඡුන්දදායක ලෙස බව සියලූම ඡුන්දදායකයන් වෙත දන්වන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා මැතිවරණ කොමිසමට යවා ඇති වාර්තාවේ දැක් වේ. එම ඡුන්දදායකයන් ඡුන්ද දැමීමෙන් පසු නිලධාරීන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවද එහි දැක් වේ.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles