Divaina - අතේ තිබුණු තුවාලය බළලා ලෙව කාලා... ‘බැක්ටීරියල් මෙනින්ජයිටිස්’ රෝගයෙන් ඔස්ටේ‍්‍රලියානු කත මියයයි

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ඒමන්ති මාරඹේ
 
 
  ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ වාසය කළ 80 හැවිරිදි කාන්තාවකගේ අතේ තිබූ තුවාලයක් සිය සුරතල් බළලා විසින් ලෙව කෑම නිසා ‘බැක්ටීරියල් මෙනින්ජයිටිස් රෝගයට ගොදුරු වීමෙන් එම කාන්තාව මිය ගොස් ඇති බව ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය පවසයි.
 
 සාමාන්‍ය ප‍්‍රතිජීවක බෙහෙත් යොදා ගෙන ප‍්‍රතිකාර කළ නොහැකි මෙම මෙනින්ජයිටිස් රෝග තත්ත්වයට හේතු වී ඇත්තේ අදාළ කාන්තාවගේ අතේ තිබූ තුවාලයක් ඇගේ සුරතල් බළලා වන ‘මින්ටි’ විසින් ලෙව කෑම හේතුවෙන් පූසාගේ කෙළ කාන්තාවගේ ශරීරගත වීම බව වෛද්‍යවරු පවසති. සුරතල් බළලාගේ කෙළවල තිබූ බැක්ටීරියාව තුවාලය හරහා ඇයගේ ශරීරගත වී ඇත්තේ ඉකුත් මැයි මාසයේදී බව හෙළි වී තිබේ. අනතුරුව ඇය කෝමා (සිහිසුන් වීම* තත්ත්වයෙන් පෙළෙමින් දින 09 ක් රෝහල්ගතව සිට පියවි සිහිය ලැබ පවුලේ සාමාජිකයින් සමග සතුටින් කාලය ගත කර ඇතත් පසු දින ඇය මිය ගොස් තිබේ.
 
 මියගිය කාන්තාවගේ සුරතල් බළලා ඇය නිදන ඇඳෙහිම නිදා ගැනීමට හුරු වී සිට තිබේ.
 
 සුරතලයට ඇති කරන පූසන්ගේ කෙළවල තිබෙන බැක්ටීරියාවන් පුද්ගලයකුගේ සමේ ගැටුණු විට දරුණු ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන්නේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයින්ට බව වෛද්‍යවරු පවසති.
 
 තමන් හදා වඩා ගන්නා අයට ඇති ආදරය හේතුවෙන් බළලූන් මෙසේ ඔවුන්ගේ මුහුණ, දෑත් ඇතුළු ශරීර අංග ලෙව කෑමට හුරු වී සිටින අතර, බළලූන්ගේ කෙළවල ඇති බැක්ටීරියා වර්ග හේතුවෙන් අන්ධභාවය හා හෘද අකර්මණ්‍යතාව ඇතුළු සංකුලතාවන්ට කෙනකු ගොදුරු විය හැකි බව ඔස්ටේ‍්‍රලියාවේ ඔස්ටින් ප‍්‍රදේශයේ බෝවන රෝග පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂක මහාචාර්ය ලින්ඞ්සේ ගේ‍්‍රෂන් පවසා තිබේ.
 
 කිසිදු අයකු තමන්ගේ සුරතල් බළලාට බාහිර තුවාලයක් ලෙව කෑමට ඉඩ නොදිය යුතු බවත් බළලකු එවැනි ලෙව කෑමක් සිදු කළහොත් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගත යුතු බවත් මහාචාර්ය ගේ‍්‍රෂන් අවධාරණය කර තිබේ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles