Divaina - වැලිකඩ රැඳවියකුට කොරෝනා.. අයි වාට්ටුවේ 200ක්: නිලධාරීන් 100ක් නිරෝධායනයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 605කුත් නිරෝධායනයට යවයි
 
 සමන් ගමගේ - කරුණාරත්න ගමගේ
 
 walikdaවැලිකඩ බන්ධනාගාරයේ අයි වාට්ටුවේ ර`දවා සිටි රැු`දවියකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වීම හේතුවෙන් ඊයේ (07 වැනිදා* උදෑසන සිට එහි දැඩි ගැටලූකාරී තත්ත්වයක් ඇතිවී තිබිණි.
 
පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු වන වෛරසය ආසාදනය වී ඇති රැු`දවියා මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු වන අතර ඉකුත් 2019 වසරේ දෙසැම්බර් මස 12 වැනිදා ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසරක කාලයක් පුනරුත්ථාපනයට යොමු කළ අයකු බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
 
 අධිකරණ නියෝගය අනුව පුනරුත්ථාපනයට යොමු කෙරුණු ඔහු යුද හමුදාව මගින් පවත්වාගෙන යන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ර`දවා සිටියදී ඉකුත් 26 වැනිදා වෙනත් නඩුවක් ස`දහා වැලිකඩ බන්ධනාගාරයට රැුගෙනවිත් ඇත.
 
 පසුගිය පළමුවැනිදා නුගේගොඩ අධිකරණයේදී අදාළ නඩුව ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ විභාග වී ඇති අතර පසුව මෙම රැු`දවියා යළිත් වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැුගෙන යෑමට පෙර ඉකුත් සෙනසුරාදා පීසීආර් පරීක්‍ෂණයකට යොමු කිරීමේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබේ.
 
 පසුව ඔහු දෙවන පීසීආර් පරීක්‍ෂණයකට යොමු කිරීමට ද බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇති අතර එහිදී ද මෙම රැු`දවියාට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ඉහත බන්ධනාගාර නිලධාරියා ස`දහන් කළේය.
 
 මෙම තත්ත්වයත් සම`ග ඊයේ පෙරවරුවේ 1990 ගිලන් රථයක් මගින් වෛරසය ආසාදනය වූ රැු`දවියා ප‍්‍රතිකාර ස`දහා අයිඞීඑච් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
 
 ඒ සමගම ඔහු රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ අයි වාට්ටුව සහ ඒ අවට ස්ථානවල රාජකාරි ස`දහා යොමු කරනු ලැබූ බන්ධනාගාර නිලධාරීන් සිය දෙනකු සහ අයි වාට්ටුවේ සිටි අනෙකුත් රැු`දවියන් දෙසීයකට අධික පිරිසක් වහාම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
 
 සෙසු බන්ධනාගාර නිලධාරීන් සහ රැු`දවියන් ද ඉදිරියේදී පීසීආර් පරීක්‍ෂණවලට යොමු කිරීමට නියමිතව තිබේ.
 
 පීසීආර් පරීක්‍ෂණවලට යොමු කෙරුණු බන්ධනාගාර නිලධාරීන් අතරින් වැඩි දෙනා සිය නිවෙස්වල සිට සේවයට පැමිණෙන්නන් වන අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝද මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානමකට පත්ව සිටිති.
 
 මෙම රැුඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබ`ද පැහැදිලි තොරතුරක් ඊයේ දහවල් වනතුරුත් අනාවරණය වී නොතිබිණි. ඇතිවී තිබෙන තත්ත්වයත් සමග වැලිකඩ බන්ධනාගාරයට රැුගෙන ඒමට පෙර ඔහු පුනරුත්ථාපනයට ලක්කර සිටි වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ දැනට සිටින මතට ඇබ්බැහිවූවන් 474 ක් සහ එහි කාර්ය මණ්ඩලය 131 දෙනකු නිරෝධායනයට ලක්කර පීසීආර් පරීක්‍ෂවලට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර කර තිබිණි.
 
 මෙම රැුඳවියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැුගෙනවිත් ඇත්තේ පොලොන්නරුව බන්ධනාගාරය මගින් වන අතර ඒ හේතුවෙන් එම බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැුඳවියන්ද නිරෝධායනයට ලක්කර තිබේ.
 
 මේ සියලූ දෙනා දැනට සිටින ස්ථානවලදීම නිරෝධායනයට ලක්කිරීමට නියමිතව ඇත.
 
 වැලිකඩ බන්ධනාගාරයේ රැු`දවියාට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබ`ද විමර්ශනයක් සිදු කෙරෙන බව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (07 වැනිදා* දහවල් ස`දහන් කළේය.
 
 මෙම සිද්ධියත් සම`ග අවශ්‍ය පුද්ගලයන් නිරෝධායනයට යොමු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණද අවදානමට ලක්වූ වැලිකඩ බන්ධනාගාරයේ පීසීආර් පරීක්‍ෂණවලට යොමු කළ බන්ධනාගාර නිලධාරීන් බොහෝ දෙනා ඊයේ දහවල් කාලයේ තැන තැන ඇවිද යමින් නිරන්තර සමාජය හා ගැටෙමින් සිටින අන්දම එහි ගිය අපට දැකගැනීමට හැකිවිය.
 
 වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයකු වාර්තාවීම හේතුවෙන් ඊයේ සිට ඥාතීන්ට එහි රැු`දවියන් බැලීමට ලබාදී තිබූ අවස්ථාව දින නියමයක් නැතිව නතර කිරීමට ද කටයුතු කෙරිණි.

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles