Divaina - කුඩු ජාවාරම් කළ නාකොටික් සෙට් එකේ මහ මොළකරු භාරවෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


හේමන්ත රන්දුණු
 
lookkaa135 ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත පොලිස් නිලධාරීන් කණ්ඩායමට නායකත්වය දුන් බව කියන පොලිස් පරීක්‍ෂක සමන් වසන්ත කුමාර නමැත්තා කඩවත පොලිසිය මගින් ඊයේ  (7 දා* පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ පොලිසිය මගහරිමින් සැඟවී සිටි අතර ඊයේ උදෑසන ඔහු කඩවත පොලිසිය වෙත භාර වී ඇත.
 
 එහිදී අත්අඩංගුවට ගත් පොලිස් පරීක්‍ෂකවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කර තිබිණි.
 
 ඩුබායිහි සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් සමග එක්ව හෙරොයින් ජාවාරමේ යෙදුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උ.පො.ප. වරයකු ඇතුළු නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට පත්වීමත් සමග එම කල්ලියට නායකත්වය දුන් පොලිස් පරීක්‍ෂකවරයා අතුරුදන් විය.
 
 සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කීපයක් ඔහු පදිංචි වැලිවේරියේ නිවස ඇතුළු තවත් ස්ථාන රැුසක් පරීක්‍ෂා කළද සැකකරු අත්අඩංුවට ගැනීමට නොහැකි විය.
 
 ඩුබායි සිට මෙරටට එවනු ලැබූ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 243 ක් වැටලීමේ මෙහෙයුමට නායකත්වය දී තිබුණේද මෙම සැකකාර නිලධාරියා බව විමර්ශනවලින් හෙළිවී ඇත.
 
 එම හෙරොයින් තොගය මුහුදු මාර්ගයෙන් රැුගෙන ආ බෝට්ටුකරුට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාදී ඇත්තේද මෙම නිලධාරියා ඇතුළු අනෙක් සැකකරුවන් පස් දෙනා බව පොලිසිය පවසයි.
 
 මෙම හෙරොයින් තොගය සමග බෝට්ටුවෙන් රැුගෙන ආ ගිනි අවි හයෙන් එකක් මෙම නිලධාරියා විසින් ලබාගෙන තිබූ අතර ඉන් එක් ගිනි අවියක් සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා පදිංචි වැලිවේරිය නිවසට යාබද නිවසක සඟවා තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි.
 
 බේරුවල ප‍්‍රදේශයේදී එම හෙරොයින් තොගය තමන් භාරයට ගෙන ඉන් රුපියල් කෝටි සියයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් කිලෝ 90 ක් සොරාගෙන ඇත්තේ මෙම සැකකාර නිලධාරියා ඇතුළු කණ්ඩායම විසින් බවද අනාවරණය වී තිබේ.
 
 පසුව ඉතිරි හෙරොයින් තොගයට වෙනත් ද්‍රව්‍ය කලවම් කර කිලෝ ග‍්‍රෑම් 243 ක් සකස් කර එම හෙරොයින් තොගය වැලිසර ප‍්‍රදේශයට රැුගෙන ගොස් ඒවා අත්අඩංගුවට ගෙන ඇත්තේද මෙම පොලිස් පරීක්‍ෂකවරයා සහ මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පොලිස් නිලධාරීන් පස්දෙනා බවද පොලිසිය පවසයි.
 
 සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කීය.

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles