Divaina - පාසල් පෙම් යුවළ පොල්ගොල්ල ජලාශයට පැන දිවි නසා ගනිති

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සමන්ති වීරසේකර,සිරිල් විමලසුරේන්ද්‍ර
 
loves222කටුගස්තොට පොල්ගොල්ල ජලාශයට පැන පාසල් දරුවන් දෙදෙනකු දිවි හානිකරගෙන තිබේ. ඊයේ (07 වැනිදා* උදෑසන මෙම පාසල් දරුවන් දෙදෙනා ජලාශයට පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි. 02- පිිටුවට
 
 මහනුවර නවයාලතැන්න ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවියක සහ 17 හැවිරිදි සිසුවකු මෙලෙස සියදිවි හානිකරගෙන තිබේ. මොවුන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ උදෑසන ගොඩගත් බව කටුගස්තොට පොලිසිය සඳහන් කරයි.
 
 ඊයේ පාන්දර 5.45ට පමණ මොවුන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම මතින් මහවැලි ගඟට පැන තිබේ. මොවුන් දෙදෙනා පාසලේ 10 වන හා 11 වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබ ඇති අතර, කලක සිට පේ‍්‍රම සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
 
 මෙම සිසුවිය හා සිසුවා පෙරේදා (06දා* සිට අතුරුදන්ව සිට ඇති අතර, ඔවුන්ගේ දෙමාපියන් දරුවන් දෙදෙනා සොයමින් සිට තිබේ. පසුව ඊයේ අලූයම මේ පිළිබඳව කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇති අතර, එහිදී ඔවුන් නවයාලතැන්න දුම්රිය පාලම අසල සිටින බව දැන ගැනීමට ලැබී ඇත. දෙමාපියන් එම ස්ථානයට ළඟා වෙන විටම දරුවන් දෙදෙනා මහවැලි ගඟට පැන්න බව මියගිය පිරිමි දරුවාගේ පියා සඳහන් කළේය. දෙමාපියන්ගේ කෑ ගැසීමත් සමග ප‍්‍රදේශවාසීන් එම ස්ථානයට රැුස්ව ඇති අතර, පසුව ඔවුන්ගේ සිරුර ගොඩ ගෙන තිබේ. ඔවුන් දෙදෙනා ගොඩට ගෙන එන විටත් මියගොස් සිටි බව කටුගස්තොට පොලිසිය පවසයි.
 
 සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles