Divaina - ශී‍්‍ර ලාංකික පවුලක්ම කටාර්හිදී ඝාතනය කරලා.... සැකපිට ශී‍්‍ර ලාංකික තරුණයෙක් දැලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

නෝමන් පලිහවඩන සහ කටුනායක - ටී. කේ. ජී. කපිල
 
 කටාර් රාජ්‍යයේ සේවය කළ ශී‍්‍ර ලාංකික පවුලක පියා, මව සහ දියණියගේ මළ සිරුරු ඊයේ (07 දා* සෞදි අරාබියේ රියාද් නුවර සිට ගුවන් මගින් ශී‍්‍ර ලංකාවට රැුගෙන එන ලදී.
 
මෙම මළ සිරුරු ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යූ. එල්. 266 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත රැුගෙන එනු ලැබීය.
 
 මියගිය තිදෙනාම ආයුධවලින් කපා කොටා මරා දමන්නට ඇතැයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.
 
 මෙම පවුල වසර කිහිපයකට පෙර කටාර් රාජ්‍යයට ගොස් ඇති අතර පියා එහි ආයතනයක සේවය කර ඇත.
 
 පොලිසිය පවසන ආකාරයට මරා දැමූ බවට සැකකරන තිදෙනා කැලණිය සිංහාරමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ද්‍රවිඩ ජාතිකයෝ වෙති. මෙසේ මියගොස් ඇත්තේ මහෙන්ද්‍ර රාජා (58*, සවරිමුත්තු (55* සහ සුදර්ශිනි (34* යන පියා, මව සහ දියණියයි.
 
 ලැබී ඇති ආරංචි මාර්ග අනුව මෙම ඝාතන සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකික තරුණයකු පිළිබඳව සැක පළ වී තිබේ.
 
 මියගිය දියණිය සහ ශී‍්‍ර ලාංකික තරුණයකු අතර හටගත් අර්බුදයක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි සැක කරයි.
 
 ඒ අනුව කෑගල්ලේ සිට කටාර් රාජ්‍යයට ගිය තරුණයකු මෙම ඝාතන සම්බන්ධව සැකපිට කටාර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles