මහිලාල් පද්මසූරිය - අගලවත්ත
මැතිවරණය ප්‍රකාශයට පත්කළ මොහොතේ සිට තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගේ හිරිහැර කරදර සිදුවෙන බවත්, තම බිරිඳ හා පුතනුවන් එයින් ඉතා පීඩාවට පත්ව සිටින හෙයින් ඔවුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගනිමින් තමා මෙවර මහ මැතිවරණයට තරග කරන එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (07දා* පැවසීය.
කළුතර පොලිස් අධිකාරී වෙත තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ හිටපු මන්තී‍්‍රවරයා මාධ්‍යවේදීන් හමුවේ එසේ ප්‍රකාශ කළේය. තෙවරප්පෙරුම මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
”මේ පිළිබඳව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හමු වී සාකච්ඡුා කරනවා. මට කිසි දිනක එජාපය සමග ගැටලූවක් නැහැ. සජිත් පේ‍්‍රමදාස මහතාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නිසා මට සිදුවන මෙම ගැහැටවලට හේතුව සමගි ජන බලවේගය යැයි සිතෙනවා. ඒ පිළිබඳව 07 වැනිදා උදෑසන මා එජාප නීති ලේකම්වරයා සමග ද සාකච්ඡුා කළා.
06 වැනිදා රාත්‍රියේ මගේ පුතාගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබූ ප්රචාරක පුවරු ඉවත් කිරීමට පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන් විසින් තල්ලූ කිරීම නිසා මගේ බිරිඳ දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. එම සිද්ධිය පිළිබඳව කළුතර පොලිස් අධිකාරිතුමා වෙත මා පැමිණිලි කළා.