Divaina - පෙම්වතාට පහරදී රුසියානු තරුණියට හිරිහැර කළ 5 ක් රිමාන්ඞ්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
 සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටි රුසියානු ජාතික තරුණියකට අයුතු ලෙස ලිංගික හිරිහැර සිදු කර ඇගේ පෙම්වතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගු-වට ගනු ලැබූ සැකකරුවන් පස්දෙනකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (07 දා* නියෝග කළේය.
 
 එම සැකකරුවන් පස් දෙනා එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන් ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
 
 පෙරේදා (06 දා* කොළඹ ගාලූ මුවදොර පිටියේදී එලෙස විදේශීය තරුණියකට ලිංගික හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොටුව පොලිසිය එම සැකකාර තරුණයන් පස්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි
 

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles