Divaina - නාකොටික් කුඩු ජාවාරම් මුලින්ම හෙළිකර ගත් මිනුවන්ගොඩ ඕඅයිසී රහස් පොලිසිය හමුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

නෝමන් පලිහවඩන
 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සම්බන්ධතාව මුලින්ම හෙළිකර ගැනීමට සමත්වූ මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රොහාන් මහේෂ් මහතා අද හෙටම රහස් පොලිසියට කැඳවා එම ජාවාරම අනාවරණය කරගත් ආකාරය පිළිබඳව ප‍්‍රකාශ සටහන් කර ගැනීමට බලාපොරොත්තු වෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (5දා* පැවැසීය.
 
 මෙම ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂකවරයා මුලින්ම අත්අඩංගුවට ගෙන පැය දෙක තුනකට පසු ඩුබායි සිටින ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති රොහාන් මහේෂ් මහතාට දුරකථනයෙන් අමතා ‘‘ ඇයි තමුසේ අපිට ඔහොම කෙරුවේ?’’ කියා විමසා ඇත. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුට බැණවැදී දුරකථනය විසන්ධි කර තිබේ.
 
 මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දුරකථනයෙන් මෙසේ තමාට කතා කිරීම පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන බවද ස්ථානාධිපති රොහාන් මහේෂ් මහතා ‘දිවයින’ට පැවැසීය.
 
 ‘‘චමින්ඳ’ නමැති පුද්ගලයකු හදිසියේම මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ විශාල ධනපතියකු බවට පත්වී සිටින බවට ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු ඔස්සේ ඔහු පොලිසියට ගෙන්වා ප‍්‍රශ්න කිරීමේදී එම පුද්ගලයාගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි ගණන් තැන්පත් කර ඇති බව හෙළිවී තිබේ. ඒ පිළිබඳව තවදුරටත් ප‍්‍රශ්න කරගෙන යද්දී සැකකරු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දීමෙන් පසු පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. මේ අවස්ථාවේ පොලිස් භාරයට ගෙන සිටින චමින්දගෙන් ප‍්‍රශ්න කිරීමට පැමිණ ඇත්තේද ඔහු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර උපපොලිස් පරීක්‍ෂකවරයායි.
 
 සැකකරු සහ උප පොලිස් පරීක්‍ෂකවරයා රහසින් සාකච්ඡුා කිරීම පිළිබඳව සැකයක් පහළවී
 
 සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල හෙළිකර ගැනීමට හැකිවූ බව පොලිස් පරීක්‍ෂක රොෂාන් මහේෂ් මහතා පැවැසීය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles