Divaina - තමන්ගේ ඡන්ද අයිතිය පැහැර හැරීම මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ වැඩක් - මැකොස ගාල්ලේදී කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

mahinda34‘‘තමන්ගේ ජීවත් වීමේ අයිතිය හැරුණ විට ජනතාවට අයත් වැදගත්ම අයිතිය වන ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය කිසිවකු පැහැර හරිනවා නම් එය තමන්ගේ මුහුණත් එක්ක තරහා වෙලා නහය කපා ගත්තා වගේ වැඩක්’’ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ඉකුත් 03දා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී මැතිවරණ නීති සම්බන්ධයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පොලිස් ප‍්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප‍්‍රිය මහතා මෙසේද කීය.

‘‘1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ තියෙනවා අපේක්ෂකයකු හෝ පක්ෂයක් හෝ කණ්ඩායමක් ප‍්‍රවර්ධනයට කිසිදු ආකාරයේ ඡුායාරූපයක්, සලකුණක්, චිත‍්‍රයක් ප‍්‍රදර්ශනය නොකරනවා කියලා.

අපි කියමු රෝම නැත්නම් ග‍්‍රීක ඉලක්කමක් අපි පාවිච්චි කරනවා නම්, ඞීටා බීටා වගේ අංකයක් ඉලක්කමක් පාවිච්චි කරනවා නම් යම් අපේක්ෂකයෙක් තමන්ගේ නම අංකය ප‍්‍රවර්ධනය කිරීමට ඒක ඉවත් කිරීමේ බලය පොලිසියට තියනවා.

ජනතාව තමන්ගේ අයිතිය පැහැර හරිනවා නම් ඒක ජනතාවගේ වරදක්. ලංකාවේ ජනතාවට කාටවත් පැහැර ගන්න බැරි තමන්ට තියෙන වටිනාම අයිතිය තමයි ජීවිතය. ජීවිතයට අමතරව ඊළඟට තියෙන දේ තමයි ඡුන්ද අයිතිය. දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, ස්ත‍්‍රී, පුරුෂ, ජාතිය, ආගම, භාෂාව කිසිදු ආකාරයේ භේදයක් නොමැතිව හැමෝටම ලැබෙන ඡුන්ද බලය කවුරුහරි අතාරිනවා නම් ඔහු කරන්නේ තමන්ගේ මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගත්ත වගේ වැඩක්. ඒ නිසා අපි කියනවා එන්න ඡුන්දෙ දාන්න. තමන් කැමති කෙනෙකුට ඡන්දෙ දාන්න කියලා.’’

ගාල්ල එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles