Divaina - ඉන්දියාව කොරෝනා ආසාදිත ලැයිස්තුවේ 3 වැනි තැනට

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 13මෙතෙක් ලොව සිවුවැනි වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ ඉන්දියාව දෛනිකව වාර්තා වන එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමග මේ වන විට කොරෝනා ආසාදිත ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව සිටී.

ඉන්දියාව සති අන්තයේදී කොරෝනා ආසාදිත ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක් එම ස්ථානයේ සිටි රුසියාව සිවුවැනි ස්ථානයට පත් කරමිනි. ඉන්දියාවෙන් ඊයේ (06දා* දහවල් 12 වන විට කොරෝනා ආසාදිතයින් හයලක්ෂ අනූඅටදහස් දෙසිය තිස්තුනක් (698,233) වාර්තා වී තිබූ අතර, කොරෝනා මරණ දහනව දහස් හත්සිය තුනක් (19,703* වාර්තා වී තිබිණි. ඉකුත් බ‍්‍රහස්පතින්දා (02දා* සිට ඉන්දියාවෙන් දිනකට කොරෝනා ආසාදිතයින් 20,000 අධික සංඛ්‍යාවක් බැගින් වාර්තා වීමට පටන් ගෙන තිබේ.

මේ අතර මෙතෙක් කොරෝනා ආසාදිත ලැයිස්තුවේ පහළ ස්ථානවල පසු වූ මෙක්සිකෝව, සවුදි අරාබිය, ඉරානය, පාකිස්තානය, තුර්කිය යන රටවල් මේ වන විට වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් ආසාදිත ලැයිස්තුවේ පළමු රටවල් 15 අතරට පත්ව සිටී.

ශ‍්‍රී ලංකාව මේ වන විට පසු වනුයේ ආසාදිත ලැයිස්තුවේ 109 වැනි ස්ථානයේය.

ඒමන්ති මාරඹේ
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles