Divaina - ගෝඨා කියපු නිසා ගියා කියන්න: - ඉහළට කියලා ෂේප් කරන්නම් කියා පූජිත් මට කිව්වා - හිටපු පොලිස් පරීක්‍ෂක රංගජීව කොමිසම හමුවේ පවසයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 11එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා කැඳවා ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියූ නිසා තමා වැලිකඩ බන්ධනාගාරයට ගිය බව ප‍්‍රකාශ කරන ලෙස කීවත් තමා එලෙස ප‍්‍රකාශ නොකොට අදාළ විමර්ශන කමිටුවට සත්‍යම ප‍්‍රකාශ කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (06 දා) පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

2012 නොවැම්බර් 09 දින වැලිකඩ බන්ධනාගාරයේ රැුඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට පත් කර තිබූ නම්බුවසම් කමිටුවට ප‍්‍රකාශයක් ලබාදීමට පෙර පූජිත් ජයසුන්දර මහතා තමාව ඔහුගේ කාමරයට කැඳවා ගෝඨා යන්න කියපු බව ප‍්‍රකාශ කරන්නැයි තමාට කියා සිටි බව ද සාක්‍ෂිකරු කීවේය.

”ඔයාට යන්න කියලා තියෙන්නේ ගෝඨානේ. ගිහින් ඒ බව කියන්න. මම ඉහළට කියල ෂේප් කරන්නම්” කියා තමාට ජයසුන්දර මහතා කියා සිටි බව ද කොමිසම හමුවේ පොලිස් පරීක්‍ෂක රංගජීව මහතා ප‍්‍රකාශ කළේය.

එහෙත් තමා එදා නම්බුවසම් කමිටුව හමුවට ගොස් සත්‍ය කතාව ප‍්‍රකාශ කළ බව ද සාක්‍ෂිකරු කොමිසමට කියා සිටියේය.

වැලිකඩ බන්ධනාගාර රැුඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය ගැන තමාට එරෙහිව සාක්‍ෂි දුන් අය එකම කණ්ඩායමක් බව ද ඔවුන් දේශපාලන අරමුණින් ක‍්‍රියාත්මක වී ඇති බව ද කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු කීවේය.

”මේ සියලූ දෙනා කටයුතු කළේ මගේ රාජකාරිය නවත්වන්නයි. මට වෙඩි වැදිල මැරුණෙ නැති නිසා මේ විමර්ශනය පටන් ගත්තා. මේ සඳහා වසර පහකට පෙර දුන් ප‍්‍රකාශ ද යොදාගෙන තිබෙනවා. එහෙත් ඇතැම් සාක්‍ෂිකරුවන්ගේ මුල් ප‍්‍රකාශවල පිටපත් අපට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණේ නැහැ. එහෙත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ සාක්‍ෂිවලදී එවැනි ප‍්‍රකාශ ගත් බව අනාවරණය වුණා.”

සාක්‍ෂිකරුගේ ප‍්‍රකාශයට අවධානය යොමු කළ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රකාශ කළේ සාක්‍ෂිකරු කියන කරුණු සනාථ කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ සාක්‍ෂි කොටස් ද කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙසයි. මේ පැමිණිල්ලට අදාළ ඉදිරි පරීක්‍ෂණ දිනයේදී තමා එම සාක්‍ෂි සටහන් ඉදිරිපත් කරන බව පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා කොමිසමට කීවේය.

නියෝමාල් රංගජීව මහතාගේ පැමිණිල්ලට අදාළ ඉදිරි විභාගය ජූලි 30 දිනට කල් තබන ලදී.

කොමිසම ඊයේ (06 දා) උදේ 10.30 ට පමණ එහි සභාපති උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රදානත්වයෙන් රැස්විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles