Divaina - ආණ්ඩුව පොහොර නොමිලේ දෙනව කිව්වට දැන් මුදල් ගෙවලත් ගන්න තැනක් නෑ - අකිල විරාජ් කාරියවසම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 10පොහොර නොමිලේ දෙන බවට ජනතාවට පොරොන්දු දී බලයට පැමිණි ආණ්ඩුවට පොහොර මුදලටවත් දීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (06දා) පැවැසීය.

මෙවැනි තත්ත්වයක් හමුවේ මේ ආණ්ඩුව නැවත බලයට පැමිණියහොත් රජයේ සේවකයන්ගේ වැටුපෙන්ද කොටසක් කපාදැමීමට කටයුතු කරනු ඇතැයි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.

මේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටුකරල නැහැ. ජීවන බර අඩු කරනවා කිව්වා. දැන් ජනතාවට ජීවත් වෙන්න බැහැ. ජනතාවට නොමිලේ පොහොර දෙනවයි කිව්වා. දැන් ජනතාවට මුදල් ගෙවලත් පොහොර ගන්න තැනක් නැහැ. ආරක්‍ෂාව ගැන කථා කළා. ටයිප් කරපු ලිපියක් තියාගෙන කොළඹදී වෙඩි තියාගෙන මැරිල කිව්වා. මේ ගැන ජනතාව සැකෙන් ප‍්‍රශ්න කරනවා.

මේ වනවිට ආණ්ඩුව ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යටපත් කරන්න එම්සීසී ගිවිසුම, කි‍්‍රකට් ලෝක කුසලානය පාවාදීම වැනි මාතෘකා කරළියට ගෙනත් තියෙනවා. අපි මේවා ගැන ජනතාවට කරුණු පෙන්වලා ඉල්ලා සිටින්නේ යහපත් මනසකින් සිතල ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් ආණ්ඩුවක් බිහිකර ගන්න කියලයි.

චමින්ද සිල්වා
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles