Divaina - දෙවැනි තෙවැනි වසර සිසුන් සඳහා විශ්වවිද්‍යාල විවෘත වේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 9විශ්වවිද්‍යාලවල දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ඊයේ (06 වැනිදා) සිට ආරම්භ කෙරිණි.

කොන්දේසි 11 ක් යටතේ විශ්වවිද්‍යාල ආරම්භ කෙරෙන අතර, එ් අනුව දෙවැනි සහ තෙවැනි වසරවල සිසු සිසුවියන් ස`දහා මෙසේ විශ්වවිද්‍යාල ඊයේ ආරම්භ විය.

එසේම පසුගිය ජුනි 15 සහ 22 යන දිනවල වෛද්‍ය සිසුන් සහ අවසන් වසර සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ස`දහා සහභාගි වීමට අවස්ථාව හිමිවිය.

සියයට 30 ක ප‍්‍රතිශතයක් යටතේ එක් වරකදී විශ්වවිද්‍යාලයකට සිසුන් සහභාගි කරවන බවත්, නිසි සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කරන ලෙසට සියලූම උපකුලපතිවරුන්ට උපදෙස් ලබාදුන් බවත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

කොවිඞ් වසංගතය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම නිසා පසුගිය මාර්තු 13 දා විශ්වවිද්‍යාල වසා තැබුණ ද දුරස්ථ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගිය බවත්, විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින කාර්යක්ෂමතාව නිසා වෛද්‍ය සිසුන්ගේ අවසන් විභාග පසුගිය ජුනි මස 15 වැනිදා අවසන් කර සායනික කටයුතු ආරම්භ කිරීමේ හැකියාව ලැබුණු බවත් එ් මහතා සදහන් කරයි.

ලසිත දුමින්ද
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles